මේ වනවිට රටවල් 16 ක ව්‍යාප්ත වන 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' (මන්කි පොක්ස්) සම්බන්ධයෙන් අනවනශ්‍ය බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
'වඳුරු උණ' මධ්‍යම සහ බටහිර අප්‍රිකාවට සීමා වූ වයිරස රෝගයක් වන අතර මේ වනවිට එය ඉතා වේගයෙන් බටහිර රටවලත්, ඕස්ට්‍රේලියාවේත්, ඊශ්‍රායලයේත් ව්‍යාප්ත වෙමින් පවතී.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ එරට සමාජයේ 'වඳුරු උණ' ව්‍යාප්ත වන බවය. බෙල්ජියම 'වඳුරු උණ' ආසාදිතයන් දින 21 ක් නිරෝධායනය කර තැබීමට නව සෞඛ්‍ය නීති පවා සකස් කර ඇත. මේ වනවිට ලොව නන්දෙසින් වඳුරු උණ රෝගීන් 100 කට වඩා වාර්තා වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ නමුත් කිසිදු මරණයක් වාර්තා වී නැත.
“අප්‍රිකා කලාපයට සීමා වූ වඳුරු උණ වයිරසය බටහිර රටවල ව්‍යාප්ත වෙනවා. මෙය අසාමාන්‍ය ව්‍යාප්තවීමක් බව ඇත්ත. ඉතිහාසයේ මීට පෙර මෙවැන්නක් අපට දකින්න ලැබුණේ නැහැ. වඳුරු උණ වසූරිය සහ පැපොල අතර දැමිය හැකි වයිරසයක්. එය කොවිඩ් 19 වයිරසය තරම් දරුණු මාරක වයිරසයක් නොවෙයි. අප්‍රිකාවෙන් පිට ව්‍යාප්ත වන වඳුරු උණ පාලනය කිරීමට හැකියාව තිබෙනවා. අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැතිර යන නව වයිරස සම්බන්ධ ප්‍රධානී මරීයා වොන් කෙර්කෝව් ජිනීවා නුවර පැවැත්වුණු මාධ්‍ය හමුවට එක් වෙමින් පැහැදිලි කළාය.
'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, මාංශපේෂී වේදනා සහ මහන්සියයි. පැපොල රෝගයේ දී මෙන් බිබිලි මතුවෙයි. ඒ මුහුණේ සහ අත් පා වලය.
වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ ආසාදිතයකු සමීප ලෙස ඇසුරු කිරීමේදීය. බටහිර රටවල සමලිංගිකයන් බහුල අතර, රෝගී වූ වැඩි දෙනා සමලිංගික තරුණයන් බව විදෙස් මාධ්‍ය වාර්තා පේනවා දෙයි.
පැපොල (ස්මෝල්පෙක්ස්) වයිරසය සඳහා නිපදවා ඇති වයිරස නාශක ඖෂධවලින් මෙන්ම පැපොල රෝගයෙන් බේරීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතින් ද 'වඳුරු පැපොල' මර්දනය කළ හැකි බව වෛද්‍යවරු පවසති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වඳුරු උණ ගැන බොරු බියක් එපා