රුසියන් යුක්රේන යුද්ධයෙන් කාටවත් දිනුමක් නෑ රුසියන් යුක්රේන යුද්ධයේදී කිසිම රටකට ජයග්‍රහණයක් හිමි නොවන බව යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ජර්මනියට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. 03 May 2022
අගමැති මෝදි ජර්මනියට යුරෝපා සංචාරයක් ආරම්භ කරිමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජර්මනියට පැමිණියේය. 02 May 2022
නවසීලන්තය විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේ ‘කොවිඩ් 19’ හේතුවෙන් වසා දැමුණු දේශසීමා යළි සංචාරකයන්ට විවෘත කිරීමට නවසීලන්තය පියවර ගත්තේය. නවසීලන්ත රජය මෙසේ දේශසීමා විදෙස් සංචාරකයන්ට විවෘත කළේ වසර දෙකකට පසුවය. 02 May 2022
සෞදියෙන් මුදල් ආධාර දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානයට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 8 ක මූල්‍ය පැකේජයක් ලබා දීමට සෞදි අරාබි රාජ්‍ය කැමැත්ත පළ කර ඇත. 02 May 2022
යුක්රේනයට උපරිම සහාය ලබා දෙනවා යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇතුළු යුක්රේන රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවූ ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි අවධාරණය කර ඇත්තේ නිදහස වෙනුවෙන් සටන් වදින යුක්රේන වැසියන්ට ඇමෙරිකාවේ සහාය උපරිමයෙන් ලැබෙන බවය. 02 May 2022
‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේද දෙකක් ගැන බියක් සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන ‘කොවිඩ් 19’ උප ප්‍රභේද දෙකක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විද්‍යාඥයන් මෙම නව ප්‍රභේද නම් කර ඇත්තේ ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ යනුවෙනි. 02 May 2022
පාකිස්තානයේ පැය 18 ක් විදුලිය කැපෙනවා ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 18 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 01 May 2022
රුසියාව අභ්‍යවකාශ නැවැතුම්පොළන් ඉවත් වීමට සූදානම් රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වන දිනය තීරණය කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 01 May 2022
ඇන්ජොලීනා හිටිහැටියේ යුක්රේනයට සම්මානනීය ජනප්‍රිය හොලිවුඩ් නිළියක මෙන්ම, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ විශේෂ නියෝජිතවරියක ද වන ඇන්ජොලීනා ජෝලී පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. 01 May 2022
යුක්රේනයට ආයුධ දෙන්න එපා යුක්රේනයට අවි ආයුධ සහ යුද්ධෝපකරණ දීමෙන් වළකින්නැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් යළිත් වරක් ඇමෙරිකාවෙන් සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. 01 May 2022
වසරේ පළමු සූර්ය ග්‍රහණය මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය ඊයේ (30) රටවල් කීපයක වැසියන්ට දකින්න ලැබුණි. 01 May 2022
මෝදි යුරෝපා සංචාරයකට සූදානම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (2) යුරෝපා සංචාරයක් ආරම්භ කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 01 May 2022
යුක්රේන ජනපති ’ටයිම්’ කවරයේ ලෝ සුපතල ’ටයිම්’ සගරාවේ අලුත්ම කලාපයේ කවරය හැඩ වී ඇත්තේ රැසියන් ආක්‍රමණය හමුවේ පසුබැසීම හෝ පරාජය ප්‍රතික්ෂේප කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රුවිනි. 30 April 2022
කීව් අගනුවරට මිසයිල යැවූ බව පිළිගනී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් සිටිද්දී, තම හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව පිළිගෙන තිබේ. 30 April 2022
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ’බ්ලූ’ බලලා පාර්ලිමේන්තුවේ දී සිය ජංගම දුරකතනය ඔස්සේ ’අසැබි’ දසුන් නැරැඹුවේ යැයි චෝදනා එල්ල වී සිටින ’කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් ඔහුට පාර්ලිමේන්තුව තහනම් බවත් ’කොන්සවර්ටිව්’ පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 30 April 2022
යුක්රේනයට ඩොලර් බිලියන 30 ක ආධාර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුද, ආර්ථික සහ මානුෂීය ආධාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 33 මුදලක් යුක්රේනයට ලබා දිය යුතු බවට යෝජනාවක් කොංග්‍රසයට ඉදිරිපත් කර ඇත. 29 April 2022
ජර්මනිය රුසියාවෙන් ගෑස් මිලදී ගන්න යයි ජර්මනියේ විශාලතම බලශක්ති සමාගමක් වන යුනිපර් සමාගම යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංගණය නොවන අයුරින් නව ගෙවීම් පද්ධතියක් මගින් රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 29 April 2022
උෂ්ණත්වය ඉහළ යෑම මෝදිගේ කනස්සල්ලට ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එය ජන ජීවිතය අඩාල කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කනස්සල්ල පළ කර ඇත. 29 April 2022
ජගත් ආරක්ෂක මණ්ඩලය අසමත් - මහ ලේකම් ගුටරේස් රුසියන් යුක්රේන අර්බුදයේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වූයේ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි. 29 April 2022
ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 29 April 2022
ජගත් මහ ලේකම් යුක්රේනයට රුසියන් සංචාරය අවසන් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. 28 April 2022
බටහිර රටවලට පුටින්ගෙන් අනතුරු යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. 28 April 2022
ලොව පුරා සරම්ප රෝගීන් වැඩිවෙලා ලොව පුරා සරම්ප රෝගීන්, සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ’යුනිසෙෆ්’ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 28 April 2022
බෙනාසීර්ගේ පුතා පාකිස්තානයේ විදෙස් ඇමැති පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ, එරට නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පිහිටුවූ රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. 28 April 2022
සූ කී ට තවත් වසර පහක සිරදඬුවමක් හමුදා කුමන්ත්රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය. 27 April 2022
චීනයෙන් කුරුලු උණ රෝගියකු හමුවෙලා චීනයේ හෙනාන් පළාතෙන් පළමු වරට කුරුලු උණ වයිරස ආසාදිතයකු හමුවී තිබේ. චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ‘එච්3එන්8’ යනුවෙන් ද හැඳින්වෙන කුරුලු උණ වයිරසය ආසාදිත තැනැත්තා අවුරුදු හතරක දරුවෙකි. 27 April 2022
ජගත් මහ ලේකම් පුටින් හමුවෙයි රුසියාවේ මොස්කව් අගනුවරට ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි. 27 April 2022
කමලා හැරිස්ට ‘කොවිඩ්’ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 27 April 2022
යුක්රේනයට නව තානාපතිවරියක් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස බ්‍රිජට් බ්‍රින්ක්ස් පත් කිරීමට නිර්දේශ කර ඇත. 26 April 2022
නිෂේධ බලය සාධාරණය කළ යුතුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයින් 5 දෙනා නිශේධ බලය භාවිතා කළ විට, භාවිතා කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු යැයි යෝජනාවකට ඡන්දය දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාවේ සාමාජික රටවල් 193 සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 April 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026