
බිලියනපති ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ගේ 'බ්ලූ ඔරිජින්' පෞද්ගලික සමාගමේ තවත් පෞද්ගලික ගගන සංචාරයක් සාර්ථකව අවසන් විය.
ඒ, ගගන සංචාරකයන් 6 දෙනකු පෘථිවි කක්ෂයට ගෙන ගොස් යළි ආපසු පෘථිවියට පැමිණීමත් සමඟය.
'බ්ලූ ඔරිජින්' සමාගම, අතමිටසරු ඕනෑම කෙනකු ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගෙන ගොස් විනාඩි 10 ක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට සලස්වා ආපසු පෘථිවියට ගෙන ඒම සිදු කරයි.
ගගන සංචාරකයන් 'බ්ලූ ඔරිජින්' කැප්සියුලයේ නැගී අභ්‍යවකාශයට යන්නේ 'නිච් ෂෙපර්ඩ්' නමැති රොකට්ටුවේ යොදා ගනිමිනි.
රොකට්ටුවෙන් වෙන්වන කැප්සියුලය මිනිත්තු 10 ක් අභ්‍යවකාශයේ පාවී යළි පෘථිවිය බලා පැමිණෙන්නේ පැරෂූට් ආධාරයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභ්‍යාවකාශයට පමණයි. කක්ෂගත වීමක් සිදුවුනේ නෑ...