
චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. ඒම ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි.
චීනයේ නිෂ්පාදිත 'ලොංග්මාච් 2එෆ්' වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන්, 'ෂෙංසු 14' නමැති ගගන කැප්සියුලයේ නැගී පෘථිවි කක්ෂය බලා ගියේ ගගනගාමීන් දෙදෙනා 43 හැවිරිදි චෙංග් ඩොංග් සහ 43 හැවිරිදි ලියු යැංග් ය.
ගගනගාමිනිය 46 හැවිරිදි කායි සුහේය. මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චෙංග් ඩොංග් ය.
චීනය, පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. එම ඉදිකිරීම් සිදුකරන්නේ රොකට්ටු මගින් නැවැතුම් පොළට අවශ්‍ය එක් එක් කොටස් (මොඩියුල) අභ්‍යවකාශයට යැවීමෙනි.
මෙම කොටස් (මොඩියුල) එකලැස් කරමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළ සකස් කිරීම සිදු කරන්නේ ගගනගාමීන්ගේ උදව්වෙනි.
මීට පෙර ගගනගාමීන් කීප දෙනකු පමණක් නොව එක් ගගනගාමිනියක ද පවා පෘථිවි කක්ෂයට ගොස් මාස 6 කට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මොඩියුල එකලැස් කිරීම සිදු කර තිබේ.
අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමේ කටයුතුවලට සහභාගී වන දෙවැනි ගගනගාමිනිය වනු ඇත්තේ කායි සුහේ ය.
චීනය ඔවුන් ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ නම් කර ඇත්තේ 'ටියැංහේ' යන නමිනි. එය මෙම 2022 වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට චීනය බලාපොරොත්තු වෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළ සම්පූර්ණ කිරීමෙන් පසු චීනය සඳට ගගනගාමීන් යැවීමට ද බලාපොරොත්තු වෙයි.
චෙංග් ඩොංග්, චෙංග් ඩොංග් සහ කායි සුහේ ද මාස 6 ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින් නැවැතුම්පොළේ අවසන් එකලැස්කිරීම් කටයුතු සිදු කරනු ඇතැයි චීන මාධ්‍ය පෙන්වා දී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
535
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ගගනගාමීහු තිදෙනක් උඩු ගුවනට