
හජ් වන්දනාව සඳහා විදෙස් බැතිමතුන් මිලියනයකට අවසර ලබා දීමට සෞදි බලධාරීන් තීරණය කිරීමත් සමඟ, පළමු විදෙස් බැතිමතුන් කණ්ඩායම ලෙස ඉන්දුනීසියානු බැතිමතුන් පිරිසක් මෙදීනා ගුවන්තොටුපොළ බලා පැමිණි බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.
ඉන්දුනීසියානු ඉස්ලාමීය බැතිමතුන් කණ්ඩායම මෙදීනා සිට මක්කම නගරය බලා ගොස් ඇතැයි ද සෞදි පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
හජ් වන්දනාවට බාධා එල්ල වූයේ 'කොවිඩ් 19' වසංගතය නිසාය. ගතවුණු දෙවසරක කාලයේ විදේශීය බැතිමතුන් හජ් වන්දනාව විවෘත නොවිණි. ඒ, සෞදි සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි හේතුවෙනි. කෙසේ නමුත් මේ වනවිට 'කොවිඩ් 19' වයිරසයේ සැර බාල වීමත්, එන්නත්කරණ වැඩසටහන් සාර්ථක වීමත් සැලකිල්ලට ගනිමින් යළි විදෙස් බැතිමතුන්ට හජ් වන්දනාව විවෘත විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd