IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා

අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි.

රැම්පෝසාට මෙම චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ, එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී ආතර් ෆ්‍රේසර් විසිනි. රැම්පෝසා සහ ආතර් ෆ්‍රේසර් සමීප හිතවතුන් බව ද පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට දෙදෙනා අතර මත ගැටුම් නිර්මාණය වී ඇත.

ආතර් ෆ්‍රේසර් පෙන්වා දී ඇති අන්දමට, 2020 දී, ජනාධිපතිවරයාට අයත් ඔහුගේ ලිම්පොපෝ ප්‍රාන්තයේ ගොවිපොල නිවසකට ඇතුළු වුණු සොරුන් කතණ්ඩායමක්, ජනාධිපතිවරයා සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් සොරකම් කර තිබේ.

මෙම මුදල ජනාධිපතිවරයා සිය බලතල අවභාවිත කරමින්, අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් යැයි පැවැසෙයි. සොරුන් කණ්ඩායම හඳුනා ගෙන පසුව ඔවුන් පැහැරගෙන ගිය බවත්, එම සිද්ධිය වසං කිරීමට මුදල් දී එම පිරිස නිහඩ කළ බවත් ආතර් ෆ්‍රේසර් පැහැදිලි කර තිබේ.

ආතර් ෆ්‍රේසර්, දකුණු අප්‍රිකා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේ 2016 සිට 2018 තෙක් කාලයේය. තමන් ජනාධිපතිවරයාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලෙස ඡායාරූප, බැංකු ගනුදෙනු විස්තර, සීසීටීවී වීඩියෝ දසුන් පවා පොලිසියට ලබා දී ඇති බව ෆ්‍රේසර් පවසා තිබේ. රැම්පෝසා පවසා ඇත්තේ එල්ල වන චෝදනා පදනම් විරහිත බවය.

(රොයිටර්)



අදහස් (0)

දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 542 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site