හදුනා නොගත් කොරෝනා ප්‍රභේදයක් මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙයි. 04 February 2022
ඉන්දියාවේ කොරෝනා මරණ 500,000 පනී ඉන්දියාවේ අද (4) කෝවිඩ් මරණ 1,072 ක් වාර්තා වූ බවත් ඒ සමග එරට සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 500,000 පසු කළ බවත් මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාවේ මේ වනවිට සමස්ත ’කොවිඩ් 19’ මරණ ගණන 500,055 කි. 04 February 2022
ඩී.එන්.ඒ. එන්නත භාවිතයට සැරැසෙයි ’සයිකොව්-ඩි’ නම් ලොව ප්‍රථම ඩී.එන්.ඒ කෝවිඩ් මර්දන එන්නත භාවිතා කිරීමට ඉන්දියාව සුදානමින් සිටී. 04 February 2022
ෆේස්බුක් වැටිලා ෆෙස්බුක් මවු සමාගමේ කොටස් වෙළඳපොල කොටස් වල වටිනාකම පහත වැටී ඇත. ෆෙස්බුක් මවු සමාගම තම සන්නාමය මෙටා ලෙස පසුගිය වසරේ වෙනස් කෙරිණ. 04 February 2022
’කොවිඩ් 19’ සටන් විරාමයක් ශීත කාලය අවසන් වීමත්, වේගවත් එන්නත්කරණයත්, ඔමික්‍රෝන් විකෘතිය සැර බාලවීමත් නිසා යුරෝපා රටවල ’කොවිඩ් 19’ සටන් විරාමයක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කරයි. 04 February 2022
අයි.එස්. නායකයා මරා දැමේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 03 February 2022
‘පොසිටිව්’ වුණත් නිරෝධායනයක් නෑ පී.සි.ආර්. සහ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණවලින් ‘කොවිඩ් 19’ ආසාදතයන් ලෙස තහවුරු වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම්, ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසයි. 03 February 2022
බ්‍රිතාන්‍ය අගමැති රුසියන් ජනපති අමතයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. 03 February 2022
ටොංගා දූපත් රාජ්‍යය පළමු වරට ‘ලොක්ඩවුන්’ ගිනි කඳු පිපිරීමෙන් හානියට පත්වී, සුනාමියකින් ද බැට කෑ දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ‘කොවිඩ් 19’ ආසාදිතයන් හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කිරීමට අග්‍රාමාත්‍ය සියෝසි සොවාලේනී තීරණය කළේය. 03 February 2022
ඇමෙරිකන් සෙබළුන් 3,000 ක් යුරෝපයට නැගෙනහිර යුරෝපා රටවලට ඇමෙරිකන් සොල්දාදුවන් 3,000 ක බලඇණියක් යැවීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් අණ දුන්නේය. ඒ අනුව, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින යුද උණුසුම තවත් උණුසුම් වී තිබේ. 03 February 2022
බ්‍රිතාන්‍ය අගමැති-යුක්රේන ජනපති හමුවෙයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කටයුතු කළේය. 02 February 2022
ඔමික්‍රෝන්වලට වඩා උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ උප ප්‍රභේදය ද මේ වනවිට රටවල් 57 කට ව්‍යාප්තවී ඇති බවත්, එය ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 02 February 2022
යුද්ධයකට යන්න ඕනෑකම ඇමෙරිකාවට රුසියාව යුද්ධයකට පටළවා ගැනීමට උත්සාහ දරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේනය ආක්‍රමණය කරමින් යුද්ධයකට යෑමට තමන්ගේ කිසිදු අදහසක් නැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. 02 February 2022
මාලි ප්‍රංශ තානාපතිට යන්න කියයි ප්‍රංශ තානාපති ජොඑල් මෙයර් හට මාලි රාජ්‍යයෙන් පැය 72ක් ඇතුළත පිටව යන ලෙස මිලිටරි ජුන්ටාව දැනුම් දී ඇත. 01 February 2022
කැනඩා අගමැතිටත් කොවිඩ් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 February 2022
බොලිවුඩ් සුරූපිනිය කාජල්ටත් ’කොවිඩ්’ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ලෙස ද රසික ආදරය දිනා සිටින කාජල් ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 01 February 2022
ජගත් ආරක්ෂක මණ්ඩලයේ ගාලගොට්ටියක් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට සුදානමින් සිටීම සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අතර, එහිදී ඇමෙරිකන් සහ රුසියන් නියෝජිතයන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 01 February 2022
ජර්මන් පොලිස් නිලධාරීන්ට වෙඩි ජර්මනියේ ප්‍රංශ දේශසීමාවට යාබද, කුසෙල් දිස්ත්‍රික්කයේ රයින්ලැන් පැලැටිනේ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් ජර්මන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 01 February 2022
උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්රබලතම මිසයිල අත්හදා බැලීම වේ . 31 January 2022
රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඉහළ මහළින් පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 31 January 2022
කොරෝනා මරණයක් නිසා භූතානයේ අගමැති දුකෙන් ‘කොවිඩ් 19’ වසංගතය ඉතා සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස සැලකෙන භූතානයෙන්, සිවුවැනි ‘කොවිඩ් 19’ මරණය වාර්තා වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරිංග් ඒ ගැන දැඩි ලෙස ශෝකයට පත් විය. 31 January 2022
පාකිස්තානයට චීනයෙන් ඩොලර් බිලියන 3 ක ණයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, චීන සංචාරයක නියැලීමට සූදානමින් සිටින බවත්, එම සංචාරය අතරතුරේ පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් ලබා දීමට චීනය සූදානමින් පසුවන බවත් වාර්තා වේ. 31 January 2022
හමුදා යැවීමේ අදහසක් නැහැ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළත්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, නේටෝ හමුදා යුක්රේනයට යැවීමේ කිසිදු අදහසක් නැතැයි ‘නේටෝ’ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියයි. 30 January 2022
කැනඩා අගමැති-පවුලේ අය සැගවිලා ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ රජය තීරණය කිරීමත් සමඟ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ. 30 January 2022
නවසීලන්ත අගමැති හුදෙකලා වෙයි ‘කොවිඩ් 19’ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වූ බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ලබන අඟහරුවාදා (1) වනතුරු ස්වයං නිරෝධායනයට යොමු වුණු බව පැවැසෙයි. 30 January 2022
ඇමෙරිකාවට ප්රචණ්ඩ හිම කුණාටුවක් ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රාන්ත රැසක් හරහා ප්රචණ්ඩ හිම කුණාටුවක් හමා ගියේය. 30 January 2022
රුසියාවේ ’කොවිඩ්’ ඉහවහා යයි රුසියාවේ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන තිබේ. 30 January 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට යන්න සූදානම් පවතින අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසදුම් සෙවීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් වෙයි. 30 January 2022
ඇෆ්ගන් වැසියන්ට කන්න නෑ ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය පිළිබඳව කනස්සල්ල පළ කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානියා යළිත් වරක් ලොවට අවධාරණය කර ඇත්තේ, ඇෆ්ගන් වැසියන්, ජීවත්වීම සඳහා සිය දරුවන් සහ ශරීර කොටස් විකිණීමට යොමු වී ඇති බවය. 30 January 2022
බයිඩන් පවුලට බළල් සුරතලෙක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමග බළල් සුරතලකු ද ධවල මන්දිරයේ සිටින බව වාර්තා වේ. 29 January 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026