
උතුරු කොරියාවේ අවම වශයෙන් පවුල් 800 ක් පමණ හඳුනා නොගත් අමාශය ආශ්‍රිත රෝගයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ හඳුනා නොගත් යැයි උතුරු කොරියා බලධාරීන් පවසන මෙම රෝගය කොලරාව හෝ ටයිපොයිඩ් උණ විය හැකි බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ බලධාරීන් මෙම හඳුනා නොගත් අමාශය ආශ්‍රිත රෝගයෙන් පීඩා විඳින පවුල්වලට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ,ආහාර සහ අනිකුත් දෛනික අවශ්‍යතා ලබාදීමට කටයුතු කරන බව කේ.සී.එන්.ඒ පුවත් සේවය වාර්තා කළේය.
උතුරු කොරියාව කොවිඩ් රෝගයෙන් පීඩා විඳින අතරතුර “උග්‍ර ආන්ත්‍රික වසංගතයකට”ද මුහුණ දීමට සිදුව ඇති බව උතුරු කොරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd