IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය අගමැති යළිත් යුක්රේනයේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළිත් වරක් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදීමට, යුක්රේන රජයට සහ හමුදාවට, බ්‍රිතාන්‍යය සහාය ලබා දෙයි. මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් මුදල් ආධාර, අවි ආයුධ පමණක් නොව, මිසයිල නාශක පද්ධති පවා යුක්රේනයට ලැබී ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාතය ජොන්සන්, පෙර දැනුම් දීමකින් තොරව, කීව් අගනුවර බලා පැමිණියේ ආරක්ෂක හේතූන් නිසාය. යුක්රේන හමුදා සොල්දාදුවන් පුහුණු කිරීමේ නව වැඩසටහනකට බ්‍රිතාන්‍ය හමුදාවේ සහාය හිමිවෙයි.

අග්‍රාමාත්‍ය ජොන්සන්, යුක්රේන ජනාධිපති සෙල්න්ස්කී හමුවූයේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. නව හමුදා පුහුණු වැඩසටහන යටතේ දින 120 ක් ඇතුළත යුක්රේන හමුදා සොල්දුදාවන් 10,000 කට බ්‍රිතාන්‍ය හමුදාවෙන් විශේෂ පුහුණුවක් ලබා දෙනු ඇතැයි ද පැවැසෙයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ හොඳ මිතුරකු බවත්, අග්‍රාමාත්‍ය ජොන්සන් යළි කීව් අගනුවරට පැමිණීම තමන්ට ලොකු ශක්තියක් බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති යළිත් යුක්රේනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site