IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දියාව කලඹන ‘අග්නිපාත්’

ඉන්දීය මධ්‍යම රජය හඳුන්වා දුන්, හමුදාවට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ‘අග්නිපාත්’ නමින් නම් කළ නව වැඩපිළිවෙළට ජනතා විරෝධයක් එල්ල වී තිබේ.

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රචණ්ඩකාරී අයුරින් විරෝධතා පැවැත්වෙන අතර, රාජ්‍ය දේපොළවලට හානි කිරීම් ද වාර්තා වේ.

බිහාර් පාන්තයේ මොහියුන්ඩිනගර් දුම්රිය ස්ථානයට කඩා වැදුණු විරෝධතාකරුවෝ පිරිසක් හජිපූර් බරානුයි දුම්රිය මාර්ගයේ ධාවනය වන ‘ජම්මු තාවී’ ශීඝ්‍රගාමී මගී දුම්රියට පහර දී හානි සිදු කළහ.

‘අග්නිපාත්’ වැඩසටහන හරහා, අවුරුදු 17 ත් 21 ත් වයසේ තරුණ තරුණියන් හමුදවට බඳවා ගැනීම සිදුවන්නේ සිවු වසරක සේවා කාලයක් සඳහා පමණි.

ඉන්පසු එම සොල්දාදුවන් අනිවාර්යයෙන් විශ්‍රාම යැවීම සිදුවෙයි. එසේ විශ්‍රාම යැවෙන බොහෝ දෙනකුට පාරිතෝෂිත දීමා හෝ විශ්‍රාම වැටුපක් හෝ ලැබෙන්නේ නැත. ‘අග්නිපාත්’ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වෙන්නේ ඒ අනුවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාව කලඹන ‘අග්නිපාත්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site