
බෝම්බ බියකින් කැනඩා පාර්ලිමේන්තුව කැලැඹිණි. ආරක්ෂක අංශ පැවැසුවේ, පාර්ලිමේන්තුව අසල මෝටර් රථයක පුපුරන ද්‍රව්‍ය අටවා ඇති බවට තමන්ට ඔත්තුවක් ලැබුණු බවය.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ කටයුතු පැය කීපයකට අත්හිටුවුණු බවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට සියලු වාහන බෝම්බ නිෂ්ක්‍රීය අංශය මැදිහත් වී සෝදිසි කළ බවත් එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තුව අසල මෝටර් රියක පුපුරන ද්‍රව්‍ය ඇතැයි ආරක්ෂක අංශ කලබලයට පත් වූයේ කැනඩා දේශසීමා ආරක්ෂක බලඇණියට ලැබුණු ඔත්තුවකට අනුව යැයි ද පැවැසෙයි.
ආරක්ෂක අංශ කළ සෝදිසි මෙහෙයුම්වලදී සැක කටයුතු වාහන දෙකක් සහ පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගත් බව ද වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd