ඇෆ්ගනිස්තානය සහ ඉරාකය සම්බන්ධ ඇමෙරිකා රජයේත් හමුදාවේත් රහස් ලොවට හෙළි කළ ජුලියන් අසාන්ජ් ඇමෙරිකාවට උදර්පණය කිරීමට මහා බ්‍රිතාන්‍යය කැමැත්ත පළ කර තිබේ.
බ්‍රිතාන්‍ය රජය මෙසේ කැමැත්ත පළ බව ප්‍රසිද්ධියට පත් කළේ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ප්‍රීති පටෙල්ය.
බ්‍රිතාන්‍ය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අසාන්ජ් ට දින 14 ක් ලැබෙනු ඇති බව ද පැවැසෙයි.
මේ අතර බ්‍රිතාන්‍ය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන්, අසාන්ජ් හිතවාදීන්ගේ විරෝධය බි්‍රතාන්‍ය රජයට යොමු වී ඇති බවත්, රජය ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධතා රැළි සංවිධානය වෙමින් පවතින බවත් වාර්තා වේ.
මේ වනවිට අසාන්ජ් සිටින්නේ බ්‍රිතාන්‍ය අත්අඩංගුවේය. 50 හැවිරිදි අසාන්ජ් ඕස්ට්‍රේලියානුවෙකි.
අසාන්ජ්, ඇමෙරිකාවට උදර්පණය කළහොත්, ඇමෙරිකන් අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙනු ඇත. එම නඩු විභාගයේ දී අසාන්ජ් වරදකරු වුවහොත් ඇමෙරිකාවට ද්‍රෝහියකු වීම සම්බන්ධයෙන් දැඩි දඩුවම් හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අසාන්ජ් ඇමෙරිකාවට දෙන්න බ්‍රිතාන්‍යය සූදානම්