අඩි 80 ක් ගැඹුරු ළිං කුහරයකට වැටී සිරවුණු 11 හැවිරිදි දරුවකු පැය 110 නට පසු බේරා ගැනීමට හැකිවිය. දරුවා බේරා ගැනීම ඉන්දීය හමුදා සොල්දාදුවන්ගේ සහාය ඇතිව සිදුවුණු බව මාධ්‍ය වාර්තා කරයි.
ෂාහූ නමැති මෙම දරුවා චතිස්ගාර් ප්‍රාන්තයේ පිහ්රිද් නමැති ගම්මානයේ දරුවකු බව ද පැවැසෙයි. දරුවා සෙල්ලම් කරමින් සිටිද්දී ලිස්සා ඇද වැටී ඇත්තේ නළ ළං පද්ධතියකටය.
දරුවාට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙමින් ඔහු බේරා ගැනීමට හමුදාවට පොලිසිය, ඉන්ජිනේරුවන් ඇතුළු 500 දෙනකුගේ සහාය හිමිවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd