
ඇමෙරිකා එක්සත් ජනපද ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර මයික් ඩිවයින් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයට පැය 24 ක පුහුණුවෙන් පසු බලපත්‍ර රහිතව ගිනි අවියක් රැගෙන යා හැකි බවට ඉකුත් 13 වැනිදා ඉදිරිපත් වූ පනත් කෙටුම්පතකට අත්සන් තබමින් එය නීතියක් බවට පත් කළේය.
මෙම නව නීතිය මගීන් පැය 700 පුහුණුවෙන් පසු ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයට ගිනි අවියක් රැගෙන යා හැකි බවට තිබූ සංශෝධනය කර ඇතැයි පැවැසෙයි.
"අපේ අරමුණ නම් රජයේ සහ පෞද්ගලික පාසල් වල දු දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දෑ ලබා දීමයි.අපේ දරුවන් අපිට හැකි සෑම අයුරකින්ම ආරක්ෂා කරගන්න අපි බැඳිලා ඉන්නේ"ඔහියෝ ආණ්ඩුකාර මයික් ඩිවයින් ප්‍රකාශ කළේය.පසුගියදා ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමෙන් පසුව ඔහියෝ ප්‍රාන්තය මෙම නීතිය හඳුන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd