පිලිපීන ජනාධිපතිවරණය ඇරැඹේ පිලිපීන ජනාධිපතිවරණය අද (9) උදෑසන ආරම්භ විය. අද දිනයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ජනාධිපතිවරයා මෙන්ම උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සඳහාය. 09 May 2022
යුක්රේන පාසලකට බෝම්බ ප්‍රහාරයක් නැගෙනහිර යුක්රේනයේ ගම්මානයක පාසලකට රුසියන් හමුදාව බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එයින් 60 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් යුක්රේන රජය චෝදනා නගයි. 09 May 2022
හොංකොං නව පාලක ජෝන් ලී චීනයට අයත් වෙනම පරිපාලන ප්‍රදේශයක් වන හොංකොං නගර රාජ්‍යයේ නව පාලකයා ලෙස හිටපු ආරක්ෂක අංශ ප්‍රධානී 64 හැවිරිදි ජෝන් ලී තේරා පත් කරගෙන තිබේ. 09 May 2022
පුංචි බල්ලාට වීර පදක්කමක් යුක්රේන වැසියන්ගේ ජීවිත බේරා ගනිමින්, බිම් බෝම්බ 200 කට වැඩි ගණනක් සොයා දුන්, යුක්රේන හමුදාවට අයත් නිල සුනඛයකුට වීර පදක්කමක් පිරිනැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කටයුතු කළේය. 09 May 2022
ඇමෙරිකන් ජනපති ආර්යාව යුක්රේනයට ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩන් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාව පිළිගනු ලැබුවේ යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කී විසිනි. 09 May 2022
යුද අපරාධවලට පුටින් වගකියන්න ඕනෑ යුක්රේනයේ සිදුවන යුද අපරාධවලට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කරයි. 09 May 2022
බොන්ග්බොන්ග්ට වැඩි වාසි ජනාධිපති ධුරය සඳහාත් උප ජනාධිපති ධුරය සඳහාත් අපේක්ෂකයන් 6 දෙනා බැගින් ඉදිරිපත් වී සිටින අතර, ජනමත සමීක්ෂණ අනුව, ඔවුන් අතරින් ඉදිරියෙන් සිටින්නේ, පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග්ය. 08 May 2022
පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පවසයි. 08 May 2022
ඇෆ්ගන් තලේබාන්වරු බුර්කාව අනිවාර්ය කරති ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය, ඔවුන්ගේ දළදඩු ෂරියා නීතිය අනුව කටයුතු කරමින්, කාන්තාවන් සඳහා පැනැවූ නීති දැඩි කර ඇති බවත්, ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් සිරුර ආවරණය කර ගනිමින් බුර්කාව පැලැඳිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ. 08 May 2022
බූරුවා බූරුවාම තමයි විශ්වාසභංගයකින් පරාජය වී, ධුරය අහිමි වීමෙන් පසු, බලයට පත් විපක්ෂ සන්ධානය සහ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් දැඩි ලෙස විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි මාධ්‍ය අවදානයට පත් වී සිටී. 07 May 2022
නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් නෙදර්ලන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනකු මියගිය බවත් තවත් දෙදෙනකු බරපතල තුවාල ලැබූ බවත් වාර්තා වේ. 07 May 2022
කියුබාවේ හවානා නුවර පිපිරීමක් කියුබාවේ හවානා අගනුවර සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. 07 May 2022
ධවල මන්දිරයට අලුත් මාධ්‍ය ප්රකාශිකාවක් ධවල මන්දිරයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස 44 හැවිරිදි කළු ජාතික කාන්තාවක වන කැරීන් ජෝන් පියේ නම් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත. 06 May 2022
රුසියන් යුක්රේන යුද්ධය දිග්ගැස්සුනා වැඩියි රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම සැලැසුම් කළ ආකාරයට සිදු නොවන බවත්, ඒ අනුව රුසියන් යුක්රේන යුද්ධය දිග් ගැස්සෙමින් ඇති බවත් පුටින් හිතවාදියකු වන බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසයි. 06 May 2022
පුටින් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලයි දෙවැනි ලෝක යුද්ධයේදී යුදෙව්වන් ලක්ෂ ගණනින් ඝාතනය කිරීමට අණ දුන් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට තිබුණේ යුදෙව් ලේ යැයි රුසියන් විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ඊශ්‍රායලයෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, විදේශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලා ඇත. 06 May 2022
යුද්ධය අවසන් කරන හැටි කියයි යුක්රේනයට අවි ආයුධ සැපයීම නතර කරමින් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හට දැඩි පීඩනයක් එල්ල කිරීම තුළින් යුක්රේන යුද්ධය අවසන් කිරීමට බටහිර රාජ්‍යයන්ට උදව් විය හැකිබව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 05 May 2022
මරා දැමුණු ජනරාල් ලැයිස්තුව රුසියානු-යුක්රේන ගැටුමේදී මරා දැමුණු රුසියානු ජෙනරාල්වරුන් පිළිබඳ බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි. 05 May 2022
බ්‍රසීල ජනපතිට චෝදනාවක් බ්‍රසීල ජනාධිපති ලෙස ජෙයාර් බොල්සරානෝ පත් වීමෙන් අනතුරුව ඇමසන් වනාන්තරය හෙළි කිරීම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම පරිසරවේදියකු ද වන ලියනාඩෝ ඩිකැප්රියෝ පවසයි. 05 May 2022
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්ට කොරෝනා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 05 May 2022
මෝදි පැරිසියේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර කළ සංචාරය අවසන් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණියේය. 05 May 2022
මෝදි ෆින්ලන්ත අගමැතිනිය හමුවෙයි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති ‘ඉන්දු නෝඩික්’ සමුළුවට සමගාමීව ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සන්නා මරීන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් පැවැත්විණි. 05 May 2022
කාන්තාවන්ට රියදුරු බලපත්‍ර දෙන්න එපා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සඳහා රියදුරු බලපත්‍ර ලබා නොදෙන ලෙස තලේබාන් රජය එරට හේරත් නගරයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර තිබේ. 04 May 2022
ජොන්සන් යුක්රේන පාර්ලිමේන්තුව අමතයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේන පාර්ලිමේන්තුව ඇමැතුවේය. 04 May 2022
මෝදි ඩෙන්මාර්කයේ යුරෝපා සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩෙන්මාර්කගේ කෝපන්හේගන් නුවරට ගිය අවස්ථාවේදී ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මැටේ ෆෙඩ්රික්සන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 04 May 2022
අගමැතිට ප්‍රසිද්ධියක් නොදුන්නැයි වැඩ තහනම් පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ්ට ප්‍රමාණවත් අන්දමින් මාධ්‍ය ආවරණයක් ලබා නොදුන්නැයි පාකිස්තානයේ රාජ්‍යය පුවත් නාළිකාවක 17 දෙනකුගේ වැඩ තහනම් කර ඇත. 03 May 2022
බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියල් 50,000 ක් ඉම්රාන් ඛාන්ගේ රජයේ ස්වදේශ ඇමැති ලෙස කටයුතු කළ ෂෙයික් රෂීද් පලඳින බොරු කොණ්ඩය ගලවා රැගෙන එන ඕනෑම අයකුට පාකිස්තාන රුපියල් 50,000 ක මුදලක් තෑගි කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ’මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි පවසා ඇත. 03 May 2022
පුටින් හමුවෙන්න මොස්කව් යනවා රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සූදානම් බව වතිකානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 03 May 2022
පුටින්ට පිළිකාවක් - ඇමෙරිකන් මාධ්‍ය කියයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි. 03 May 2022
චාලට් කුමරියට 7 යි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් එකම දියණිය චාලට් කුමරිය ඇගේ හත්වැනි උපන් දිනය සමරයි. 03 May 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026