මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඉන්දියාවේ මුස්ලිම් තරුණ තරුණියන් නගර රැසක විරෝධතා ආරම්භ කර තිබේ.
පසුගිය සිකුරාදා (10) ඉන්දියාවේ නැගෙනහිර ජර්කාන්ද් ප්‍රාන්තයේ රාන්චි නගරයේ පැවැති විරෝධතාවකට පොලිසිය පහර දුන් අතර එයින් අවුරුදු 14 ත් 19 ත් වයස්වල මුස්ලිම් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
විරෝධතා පැවැත්වෙන්නේ මහම්මත්තුමාට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් වන නුපූර් ෂර්හා සහ නවීන් ජින්දාල් අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යම රජයට බල කරමිණි.
මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ නුපූර් ෂර්හා භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශිකාවක වූ අතර නවීන් ජින්දාල් පක්ෂයේ නායකයකු ලෙස කටයුතු කළේය.
මහම්මත්තුමාට අපහාස කළේ යැයි ජාත්‍යන්තරයෙන් ද මොවුන් දෙදෙනාට දැඩි විරෝධයක් එල්ල විය. මෙම සිදුවීම මුල්කොට ගනිමින් සෞදිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය ද අග්‍රාමාත්‍ය මෝදිට ඔවුන්ගේ විරෝධය සහ අප්‍රසාදය පළ කර තිබේ. ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් නුපූර් ෂර්හා සහ අතර නවීන් ජින්දාල් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කළේය. කෙසේ නමුත්, ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව මධ්‍යම රජයට බල කර ඇත්තේ ඔවුන් දෙදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙසය.
'අප ඝාතනය කරන්න කමක් නැහැ. ඒත් මහම්මත්තුමාට අපහාස කරනු එපා' යනුවෙන් විරෝධතා පුවරු රැගත් විරෝධතා රැලි රැසක් ඊයේ (11) ද ඉන්දියාවේ ප්‍රධාන නගරවල පැවැත්විණි. මේ අතර, අසල්වැසි පාකිස්තානයේත්, බංග්ලාදේශයේත් ඉන්දීය රජයට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව වීදි බසිති