බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණු අතර, එය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණි.
විශ්වාසභංගයට විරෝධය පළ කරමින්, අග්‍රාමාත්‍ය ජොන්සන්ට සහාය පළ කරමින් ඡන්ද 211 ක් ලැබුණු අතර, විශ්වාසභංගයට පක්ෂව අග්‍රාමාත්‍ය ජොන්සන්ට විරුද්ධව ලැබුණේ ඡන්ද 148 ක් පමණි.
ඒ අනුව, බොරිස් ජොන්සන්ට, අග්‍රාමාත්‍ය ධුරයේ පමණක් නොව, කන්සවර්ටිව් පක්ෂ නායකත්වය ද දැරිය හැකි වෙයි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේප නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
විශ්වාසභංගය පරාජය කිරීමත් සමග තවත් වසරක කාලයක් කිසිදු බාධාවකින් තොරව, පක්ෂ නායකත්වය දැරීමටත්, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමටත් ජොන්සන්ට හැකි වනු ඇතැයි පැවැසෙයි.
බ්‍රිතාන්‍යය දරුණු ලෙස කොවිඩ් වසංගතයෙන් බැටකද්දී, සෞඛ්‍ය නිර්දේශ අනුව, අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ රජය ලොක්ඩවුන් තහංචි පැනැවීය.
එසේ රට ලොක්ඩවුන් කර තිබියදී අග්‍රාමාත්‍ය ජොන්සන් සිය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් මධුවිත සාදයක් සහ උපන්දින සාදයක් පැවැත්වීය. ඒ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේදීය.
විපක්ෂය මේ බව රටට හෙළි කළ අවස්ථාවේදී, කොන්සවර්ටිව් පක්ෂය අභ්‍යන්තරයෙන් ද දැඩි අප්‍රසාදයක් එල්ල විය. විපක්ෂය වන එක් වී, විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඒ අනුවය.
(රොයිටර්)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි
Ajith D.L Tuesday, 07 June 2022 09:38 AM
එංගලන්තෙ එහෛම උනත් ...... සුනිල් pereira Gypsies .... හරියටම කිව්වෙ කොහොමද ?