රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයත් සමඟ හටගත් අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, බිලියන 1.6 කට එහි සෘජු බලපෑම එල්ල වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.
මෙසේ පවසමින්, ජගත් මහ ලේකම්වරයා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෙන්ම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ද යළිත් වරක් ඉල්ලා සිටියේ යුද්ධය වහා නැවැත්වීමට පියවර ගන්නා ලෙසය.
‘රුසියන් යුක්රේන යුද්ධය වහා නැවැත්විය යුතුයි. යුද ගැටුම් හේතුවෙන් මේ වනවිටත් ආර්ථික සමාජයීය ගැටලු නිර්මාණය වී තිබෙනවා. තවමත් අපට දකින්නේ එම ගැටලුවල ආරම්භය පමණයි. යුද්ධය දිග්ගැස්සෙද්දී වසර ගණනාවක් එම ගැටලු පවතීවි.’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පෙන්වා දී තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් යුරෝපා බටහිර රටවල් සෘජුව ආහාර, ඉන්ධන සහ ගෑස් අර්බුදයක් හටගෙන තිබේ. ඊට අමතරව, සෙසු රටවලට ද රුසියන් යුක්රේන අර්බුදයේ බලපෑම දැනෙන්න පටන් ගෙන තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අර්බුදය දිනෙන් දින උත්සන්න වෙනවා