
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසකට එරෙහිව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සම්බාධක පැනැවීමට කටයුතු කර තිබේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි විසින් සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වත්කම් අත්හිටුවීම, ආනයන සහ අපනයන මෙහෙයුම් තහනම් කිරීම, සංචාරක තහනම, යුක්රේනයෙන් ප්‍රාග්ධනය ආපසු ගැනීම අත්හිටුවීම යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පැනවූ සම්බාධක අතර ඇත.
ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්, අගමැති මිකායල් මිෂුස්ටින්, විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව්, ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සම්බාධක පැනවූ රුසියානු නිලධාරීන් වේ.
රුසියානු හමුදා, යුක්රේනයට එරෙහිව රුසියාව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැනැවූ සම්බාධක, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පෑමට සංකේතාත්මක වශයෙන් වටිනාකමක් තිබුණ ද එයින් රුසියන් ජනාධිපති පුටින්ට හෝ අදාල නිලධාරීන්ට හෝ කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇතැයි ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd