IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංගමයේ ප්‍රධානියා යුක්රේනයේ

යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් දර් ලින්, යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. උර්සුලා වොන් දර් ලින් කීව් අගනුවර බලා පැමිණියේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.

යුක්රේනය දිගින් දිගටම ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටි නමුත් එ් සඳහා අවස්ථාවක් නොලැබෙන බව පෙනී යන බැවින්, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.

යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් දර් ලින් විශේෂ ආරක්ෂාවක් යටතේ කීව් අගනුවර බලා පැමිණියේ ඒ අනුවය. ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ යනු යුද සංවිධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැණුනේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටු දැකීමේ අරමුණින්ය.

අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වී, පසුව වෙන් වුණු යුක්රේනය රුසියාවේ සමීපතම අසල්වැසියාය. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ මේ නිසාය.
යුරෝපා සංගමය යුදමය සංවිධානයක් නොවන අතර, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීම සම්බන්ධයෙන් එම සංගමයේ සාමාජිකයන් උනන්දුවක් දක්වන බව වාර්තා වේ. කෙසේ නමුත් එම කටයුතු සම්පූර්ණ වීමට වසර ගණනක් ගතවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

උර්සුලා වොන් දර් ලින්, යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ, යුක්රේන වැසියන් පීඩාවට පත්වී සිටින ආකාරය තමන්ට දකින්න ලැබුණු බව උර්සුලා වොන් දර් ලින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවෙමින් පැවැසුවාය.

(රොයිටර්)



අදහස් (0)

යුරෝපා සංගමයේ ප්‍රධානියා යුක්රේනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 265 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 612 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site