
නිරිතදිග නයිජීරියාවේ ඕවෝ නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට මියගිය ගණන 50 තෙක් ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරය එල්ල වූයේ දේවස්ථානයේ දිව්‍ය පූජාව පැවැත් වෙද්දීය. මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමයින් ද සිටින බව ආරක්ෂක අංශ පවසයි.
දේවස්ථානයට පැමිණි තුවක්කුකරුවන් දේවස්ථානය ඇතුළත සහ පිටත සිටි බැතිමතුන්ට දිගට හරහට වෙඩි තැබූ බව නයිජීරියාවේ ඔන්ඩෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශක ෆන්මිලායෝ ඉබුකුන් ප්‍රකාශ කළේය.තුවක්කුකරුවන්ගේ අනන්‍යතාවය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති බව නයිජීරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd