
ජර්මනියේ බර්ලීන් නුවර වෙළෙඳසැලක් ඉදිරිපිට සිටි පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදුණි. මෝටර් රථයේ ගැටුණු එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, අට දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
මෝටර් රථය කඩා වැදුණු බව පැවැසෙන්නේ බර්ලීන් නුවර Tauentzienstrasse නමැති වීදියේ වෙළෙඳසැලක් අසල සිටි පුද්ගලයන් යට කරමිණි.
එය හිතාමතා සිදු කළ අපරාධයක් ද එසේත් නැතිනම් අත්වැරදීමකින් සිදුවුණු අනතුරක් ද යන්න සෙවීමට පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.
මෝටර් රථය පැදැවූ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd