IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත

නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන සඳහා කසක්ස්තානයේ ජනමත විචාරයක් පැවැත්වුණු අතර, කසක්ස්තාන වැසියන්ගෙන් සියයට 77.18 ක් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.

කසක්ස්තානයට නව යුගයක් උදා කිරීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන මගින් නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම යෝජනා කර තිබුණේ කසක්ස්තාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් ය.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීමටත්, කසක්ස්තානය පිහිටුවීමේ පුරෝගාමී නායකයා ලෙස සැලකෙන නූර් සුල්තාන් නසර්බයෙව්ට ලබා දී ඇති ‘ජාතික නායක‘ යන ගෞරව නාමය ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධන හරහා කසක්ස්තාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව්, නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කර තිබේ.

ජනමත විචාරණයට කසත්තාව වැසියන්ගෙන් සියයට 68.06  ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ජනමත විචාරණයේ ප්‍රථිපල තමන් පිළිගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නුර්ලන් අබ්ඩිරොව් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසුවත් නූර් සුල්තාන් ‘ජාතික  නායක‘ යන ව්‍යවස්ථාවෙන් ලබා දුන් තත්ත්වය තබා ගත් අතර ඒ හේතුවෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් වුවද ප්‍රතිපත්ති සම්පාදනයේදී බලපෑම් එල්ල කිරීමට හැකියාව ලැබුණි.

ව්‍යවස්ථා සංශෝධනයේ එක් යෝජනාවක් වුයේ නූර් සුල්තාන්ගේ ‘ජාතික  නායක‘ තත්ත්වය ඉවත් කිරීමය. අනෙක් යෝජනාව නම් ජනාධිපතිවරයාගේ නෑදෑයන් රජයේ තනතුරු හෙබවීම වළක්වාලීමය.

මෙම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින්  තීරණ ගැනීමේ ක්‍රියාවලිය විමධ්‍යගත වන බවත් නූර් සුල්තාන් සහ ඔහුගේ  පවුලේ සාමාජිකයන්ගේ බලපෑම් වලට  තීරණ ගැනීමේදී රජය යටත්වීමට අවශ්‍ය නොමැති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site