
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඔහු ජනාධිපති ධුරයට පත් වීම සහ බලයෙන් බවත් වීම මුල්කොට ගනිමින් ළමා කතාන්දර පොතක් එළිදක්වා තිබේ.
මේ පොත රචනා කර ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානුවකු වන කාෂ් පාටෙල් ය. කාෂ් පාටෙල් යනු ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දී ඔහුගේ පෙන්ටගන කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තැනැත්තාය.
‘ද ප්ලොට් අගේන්ස්ට් ද කිංග්’ යනුවෙන් මෙම ළමා කතාන්තර පොත නම් කර තිබේ. ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ ඔහුගේ කතාව ඇතුළත් මෙම පොත පාසල් දරුවන් සඳහා නිර්දේශ කළ යුතු බවය.
ඇමෙරිකාවේ සෑම පාසලකම සෑම දරුවකුම මෙම පොත කියවිය යුතු බව ද හිටපු ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd