
රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ යුතු බවත් පෙන්වා දෙමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විදේශවලින් තව තවත් ආයුධ ඉල්ලා සිටියේය.
මේ වනවිටත් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවලින් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙයි. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය දිගු දුර මිසයිල පද්ධති පවා යුක්රේනයට ලබා දී ඇත. යුක්රේන හමුදා රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ මෙම ආයුධවලිනි.
“රුසියාව පරාජය නොකර අර්බුදයට විසඳුමක් සොයන්න බැහැ. රුසියාව පරාජය කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපට ලෝකයේ සහාය ඕනෑ. දැනටමත් අපට විදේශවලින් අවි ආයුධ ලැබෙනවා. ඒ ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඒත් ඒ මදි. අපට තව තවත් අවි ආයුධ ඕනෑ.” යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ සිංගප්පූරුවේ පැවැති ෂැංග්‍රිලා ආර්ථික සහයෝගීතා සමුළුව අමතමිනි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙම සමුළුවට එක් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
මේ වනවිට යුක්රේනයේ ප්‍රධාන වරාය නගර සියල්ල ඇත්තේ රුසියන් හමුදා පාලනය යටතේය. ඒ අනුව, යුක්රේනයට තිරිඟු ඇතුළු ආහාර ද්‍රව්‍ය, තෙල්, ගෑස් සහ පොහොර ආදිය විදේශවලට විකිණීම කළ නොහැකි වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අනතුරු අඟවා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, ආහාර අර්බුදයකට මඟ පාදනු ඇති බවය. ඒම ආහාර අර්බුදයෙන් වැඩියෙන්ම බැටකනු ඇත්තේ මැදපෙරදිග සහ ආසියානු රටවල වැසියන් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් මහින්ද වගේ යුද්දේ වවාගෙන කන්න හදන්නේ. මේකෙම යුද්ධය ඇතිකරලා, අහිංසක මිනිසුන් මරනවා. කතාකරලා විසඳන්න ඕනෑ එක USA එකට ඕනෑ විදිහට රූකඩ කෙනෙක්...
බුදුදහම මීට හාත්පසින්ම වෙනස්...!
අපේ අයවත් ගෙදර අරින්න අරගලය වෙනස් මුහුණුවරක් ගත යුතුයි වගේ...
මෙයා නිසා මුළු ලෝකෙම පහළට ඇද වැටුණා. යුක්රේන් ඒ ස්වාධීන රටක් විදිහට තිබ්බා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. අන්තිමට යුක්රේනය විනාශ වුණා. ඒ එක්කම ලෝකයේ ආර්ථිකය කඩන් වැටෙන්න දායක වුණා.
නායකයා පිස්සෙක් වුණාම ඇතිකරන කරදරවල තරම....