කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඇති වූ සංකුලතා හේතුවෙන් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායිකා 75 හැවිරිදි සෝනියා ගාන්ධි රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
“ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපතිනී සෝනියා ගාන්ධි කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇති වූ සංකුලතා හේතුවෙන් දිල්ලි නගරයේ ගංගා රාම් රෝහලට ඇතුළත් කළා. ඇගේ තත්ත්වය බරපතල නොවන අතර සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනු ඇත. ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කළ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙමු.” යැයි කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශක රන්දීප් සුර්ජෙවාලා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
සෝනියාට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය හමුවේ පෙනී සිටීමට සිදුවී ඇත. ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙනි. සෝනියා ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටින අතරතුරේ ඇය කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී තිබේ.
සෝනියා ගාන්ධි ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකට හමුවට කැඳවා තිබුණේ පසුගිය 8 වැනිදාය. ඒ අනුව, මූල්‍ය බුද්ධි අංශය පවසා ඇත්තේ ලබන 23 වැනිදා සෝනියා ගාන්ධි කැඳවීමට තීරණය කළ බවය. සෝනියා ගාන්ධිගෙන් පමණක් නොව, ඇගේ පුතු පක්ෂ මහලේකම් රාහුල් ගාන්ධිගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය සූදානමින් සිටී.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd