IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


’කොවිඩ්’ ආසාදිනය වී සෝනියා ගාන්ධි රෝහලේ

කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඇති වූ සංකුලතා හේතුවෙන් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායිකා 75 හැවිරිදි සෝනියා ගාන්ධි රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපතිනී සෝනියා ගාන්ධි කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇති වූ සංකුලතා හේතුවෙන් දිල්ලි නගරයේ ගංගා රාම් රෝහලට ඇතුළත් කළා. ඇගේ තත්ත්වය බරපතල නොවන අතර සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනු ඇත. ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කළ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙමු.” යැයි කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශක රන්දීප් සුර්ජෙවාලා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

සෝනියාට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය හමුවේ පෙනී සිටීමට සිදුවී ඇත. ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙනි. සෝනියා  ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටින අතරතුරේ ඇය කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී තිබේ.

සෝනියා ගාන්ධි ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකට හමුවට කැඳවා තිබුණේ පසුගිය 8 වැනිදාය‍. ඒ අනුව, මූල්‍ය බුද්ධි අංශය පවසා ඇත්තේ ලබන 23 වැනිදා සෝනියා ගාන්ධි කැඳවීමට තීරණය කළ බවය. සෝනියා ගාන්ධිගෙන් පමණක් නොව, ඇගේ පුතු පක්ෂ මහලේකම් රාහුල් ගාන්ධිගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය සූදානමින් සිටී.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

’කොවිඩ්’ ආසාදිනය වී සෝනියා ගාන්ධි රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 266 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 612 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site