IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තේ බීම අඩු කරන්න: පාකිස්තාන රජය ජනතාවට කියයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබේ.

ලොව විශාලතම තේ ආනයනකරුවකු ලෙස පාකිස්තානය සැලකෙයි. පසුගිය 2021 වසරේ පමණක්, පාකිස්තාන රජය ඩොලර් මිලියන 600 කට වඩා වැඩි මුදලක් තේ මිලදී ගැනීම සඳහා වැය කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සඳහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත්, එම විදෙස් සංචිත යොදා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් පාකිස්තාන රජය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තනයේ ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයක් පවතින අතර, ඒවායේ මිල වේගයෙන් ඉහළ යමින් පවතින්නේ ජනතාව නොසන්සුන් කරමිණි.

දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය සීමා කිරීමෙන්, ආනයන බිල්පත් අඩු කර ගැනීමට හැකි බව රජය වෙනුවෙන් ජනතාවට පෙන්වා දි ඇත්තේ පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අෂාන් ඉක්බාල්ය.

“අකමැත්තෙන් වුණත්, මට සිදුවෙනවා ජනවතාවගෙන් ඉල්ලීමක් කරන්න දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය අඩු කරන්න. ඊට හේතුව අප තේ මිලදී ගන්නේත් ණයවලින්.” යැයි මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය වන අෂාන් ඉක්බාල් වැඩි දුරටත් පවසා  තිබේ. මේ වනවිට පාකිස්තානය විදුලිය අර්බුදයකට ද මුහුණ පා සිටින අතර ප්‍රධාන නගර සහ පළාත්වල පැය 8 කට වැඩි කාලයක් ද පිට පළාත්වල පැය 12 ක කාලයක් ද විදුලිය කප්පාදු කෙරේ.

(රොයිටර්)



අදහස් (0)

තේ බීම අඩු කරන්න: පාකිස්තාන රජය ජනතාවට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site