IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ජපානය පළමු වරට ’නේටෝ’ සමුළුවට

මීළඟ නේටෝ සමුළුවට තමන් සහභාගී වන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා පවසයි.

ජපානය 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වනු ඇති අතර 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු ජපාන අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ෆුමිකෝ කිෂිඩා ය.

'නේටෝ' හෙවත් 'උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය' යුද සංවිධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී 'නේටෝ' සංවිධානය පිහිටුවා තිබෙන්නේ රුසියාවෙන් එල්ල වන තර්ජන ගර්ජනවලට මුහුණ දීම සඳහාය. 'නේටෝ' සංවිධානයට අයත් සාමාජික රටවල් ගණන 30 කි.

ජපාන අග්‍රාමාත්‍ය  ෆුමිකෝ කිෂිඩා ලබන 28 සිට 30 තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන 'නේටෝ' සමුළුවට සහභාගී වන්නේ රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.

ජපානය නේටෝ සාමාජික රටක් නොවුණත් ඇමෙරිකාවේ සමීපතම හිතවාදියෙකි. රුසියන් යුක්රේන අර්බුදයේ දී ජපානය රුසියාවට විරෝධය දක්වමින් කටයුතු කරන්නේ එහෙයිනි.

රුසියන් යුක්රේන අර්බුදයේදී ජපානයේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. ජපාන රජය, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියාවට සම්බාධක පැනැවීම් ද සිදු කර තිබේ.

ස්වීඩනය සහ රුසියාවේ අසල්වැසියකු වන ෆින්ලන්තය 'නේටෝ' සාමාජිකත්වය අයැදුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ද මැඩ්රිඩ් නුවරදී පැවැත්වෙන් නේටෝ සමුළුවේදී අවධානය යොමු වනු ඇති බව පැවැසෙයි. යුක්රේන රුසියන් අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය අර්බුද රැසකට මුහුණ දෙයි.

ඉන්ධන සහ ආහාර අර්බුදය ඒ අතරින් කැපී පෙනෙයි. රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොවුණහොත් ඉදිරියේ දී ආහාර අර්බුදයක් ඇතිවේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අගවා තිබේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා පමණක් නොව, දකුණු කොරියානකු නව ජනාධිපති යූන් සූක් ඉයොල් ද ලබන ලබන 28 සිට 30 තෙක් මැඩ්රිඩ් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වීමට නියමිතය සිටී. දකුණු කොරියාව 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව, යූන් සූක් ඉයොල් නේටෝ සමුළුවට සහභාගී වනු ඇත්තේ එම සමුළුවට සහභාගී වන පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙසය. දකුණු කොරියාව ද 'නේටෝ' සාමාජිකයකු නොවුණත්, ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයකි. රුසියන් යුක්රේන අර්බුදයේ දී දකුණු කොරියාව යුක්රේනයට සහාය දක්වන්නේ ඒ නිසාය.

(රොයිටර්)



අදහස් (1)

ජපානය පළමු වරට ’නේටෝ’ සමුළුවට

ganegoda Friday, 17 June 2022 12:35 PM

ඒ දවස්වල ගහපු පරමාණු බෝම්බ ගැන කතාකරන්න වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 266 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 612 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site