ධීවර කර්මාන්තයට ලබාදෙන සහනාධාර සීමා කරන්නැයි ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දීය ධීවර ප්‍රජාවෙන් විරෝධයක් එල්ල වී තිබේ.
ලෝක වෙළෙඳ සංවිධානය සංවර්ධනය වෙමින් පවතින රටවල ඉල්ලීම්වලට කන් නොදෙන බවට ද ඔවුන්ගෙන් චෝදනාවක් එල්ල වී තිබේ.
“සාම්ප්‍රදායික ධීවරයන් ලැබෙන සහනාධාර නැවතුණොත්, ඔවුන්ගේ ජීවිත සහ ජීවනෝපය නවතිනවා. ඒක නිසා සහනාධාර සීමා කිරීම සාම්ප්‍රදායික ධීවරයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයක්. සහනාධාර සීමා කරනවා නම් හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒක මහ පරිමාණ/වාණිජ ධීවරයන්ට අදාළ විය යුතු යි. ඒක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම” බටහිර බෙංගාලයේ ධීවරයකු වන බිමාන් ජනා පැවැසීය.
සහනාධාර සීමා කිරීම සඳහා ඉදිරිපත් වී තිබෙන යෝජනාවෙන් ආහාර සුරක්ෂිතතාව, කුඩා ධීවරයන්ගේ ජීවනෝපාය, යනාදීය සම්බන්ධයෙන් අවධානය කර නැති බවට චෝදනා එල්ල වී තිබෙන අතර අදාළ කෙටුම්පත මඟින් දියුණු රටවල දිගු දුර ධීවර කටයුතු සහ එම ඔවුන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි සකස් කර ඇතැයි ද පැවසේ.
ලෝක වෙළෙඳ සංවිධානයේ 12 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ජූනි 12 වැනිදා ආරම්භ විය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මෙම රැස්වීම පැවැත්වෙන අතර සිය විරෝධය පළ කිරීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ධීවර ප්‍රජා නියෝජනය කරමින් ධීවරයෝ 34 දෙනෙක් ජිනීවා නුවරට ගොස් සිටිති.
ඔවුහු ඉකුත් දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට විරෝධතාවක ද නිරත වූහ. ගුජරාට්, මහාරාෂ්ට්‍ර, ගෝවා, කර්නාටක, කේරළ, තමිල්නාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ්, බටහිර බෙංගාලය යන ප්‍රාන්ත නියෝජනය කරමින් ධීවරයෝ මීට එක්ව සිටිති.
සමුද්‍රීය සම්පත් ක්ෂය වීමට ධීවර කර්මාන්තයේ නියුතු දැවැන්තයන් වන යුරෝපය සහ චීනය වගකිව යුතු යැයි ද මෙම ධීවරයෝ චෝදනා කරති.
ඒ.එන්.අයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ධීවර කර්මාන්තයට දෙන සහනාධාර සීමා කරන්න