
ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 16 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
පසුගිය කාලය පුරාවට ඇමෙරිකාවේ බිහිසුණු වෙඩි තැබීම් රැසක් වාර්තා වූ අතර, මෙම චිකාගෝ නුවර වෙඩි තැබීම සිදුවූයේ ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය ගිනි අවි සම්බන්ධයෙන් නව නීති පැනැවීමට සූදානම් වෙද්දීය.
චිකාගෝ නුවර වෙඩි තැබීම සිදුවූයේ දකුණු ඇල්බනි පළාතේය. වෙඩි තැබීම පසුපස පුද්ගලයන් කීප දෙනකු සිටින බව පොලිසිය පවසයි. ඔවුන් සොයා විමර්ශන ආරම්භ වී තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය පවසා ඇත්තේ වෙඩික්කරුවන් දකින දකින පුද්ගලයන්ට වෙඩි තැබූ බවය. වෙඩි වැදී මියගිය ඇතැමුන් මෝටර් රථවල ගමන් කරමින් සිටි බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd