රුසියන් හමුදාවට එරෙහි සටනේදී, තම හමුදාවට ඇති තරම් පතුරම් තොග බටහිර රටවලින් ලැබී ඇති බවත්, ඉදිරියට තමන්ට අවශ්‍ය වන්නේ දිගු දුර මිසයිල පද්ධති යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිාපතිවරයා මෙසේ පවසා ඇත්තේ, ඩෙන්මාර්ක මාධ්‍යවේදීන් හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. “රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
නේටෝ යවු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සංවිධානයකි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම, තමන්ගේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව රුසියාවේ පිළිගැනීමය.
රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් සැණින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කළේ යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ සහ පතුරම් ලබා දීමෙනි. යුක්රේන හමුදාව, රුසියන් හමුදාව සමඟ සටන් වදින්නේ එම අවි ආයුධ සහ පතුරම් භාවිතයට ගනිමිනි.
මේ වනවිට රුසියාවේ විරෝධය මැද ඇමෙරිකාවෙන් මෙන්ම මහා බ්‍රිතාන්‍යයෙන් ද යුක්රේනයට දිගු දුර මිසයිල ලැබී තිබේ. මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. යුක්රේන හමුදාවට එහ දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවේ ඉලක්කවලට පවා පහරදීම් කළ හැකිය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපට ඕනෑ දිගුදුර මිසයිල: යුක්රේන ජනපති