IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රාහුල් ගාන්ධිගෙන් පැය 10 ක් ප්‍රශ්න කරලා

ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන 'කොංග්‍රස්' පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධිගෙන් පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ. ඒ, රාහුල් ගාන්ධිට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙනි.

රාහුල් ගාන්ධිට පමණක් නොව, ඔහුගේ මව මෙන්ම 'කොංග්‍රස්' පක්ෂයේ නායිකාව ද වන සෝනියා ගාන්ධිට ද මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී ඇත. ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය, සෝනියාගෙන් ද ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඇය 'කොවිඩ් 19' ආසාදනය වී රෝහල් ගත කෙරුණි.

ඒ අනුව, ලබන 23 වැනිදා සෝනියා ගාන්ධි ප්‍රශ්න කිරීම් සඳහා කැඳවන බව ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය, නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය රාහුල්ගෙන් ප්‍රශ්න කළේත්, සෝනියාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේත්, 2015 වසරේ දී ආන්දෝලනයක් ඇති කළ ‘නැෂනල් හැරල්ඩ්’ පුවත්පත සහ එම පුවත්පත හිමි ‘නැෂනල් හැරල්ඩ්’ සමාගම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මුල්කොට ගනිමිනි.
‘නැෂනල් හැරල්ඩ්’ සමාගම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ සිද්ධිය යනු කොටස් ගනුදෙනුවක දී, ඉන්දීය රුපියල් කෝටි 2,000 කට වැඩි වත්කම් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියයි.
‘නැෂනල් හැරල්ඩ්’ යනු 1938 වසරේ දී ජවහර්ලාල් නේරු සහ අනෙකුත් නිදහස් සටන්කාමීන් විසින් ආරම්භ කරනු ලැබූ පුවත්පතකි. එය මුලින් ප්‍රකාශයට පත් කරනු ලද්දේ සීමාසහිත ඇසෝසියේටඩ් ජර්නල්ස් සමාගම විසිනි.

කොංග්‍රස් පක්ෂයෙන් ඉන්දීය රුපියල් කෝටි 90 ක් ලබා දී එම පුවත්පත දිගටම පවත්වාගෙන යෑමට උත්සාහ කළ නමුත් එදා එය අසාර්ථක විය. 2008 වසරේ දී පුවත්පත වසා දැමුණි.

ඉන්පසු 2010 වසරේ දී සීමාසහිත ඇසෝසියේටඩ් ජර්නල්ස් පාලන අධිකාරිය වෙනස් වූයේ එය යංග් ඉන්දියන් පෞද්ගලික සමාගම යටතට පත්වීමත් සමඟය. යංග් ඉන්දියන් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර සෝනියා සහ රාහුල් සිටිති.

2012 දී, ප්‍රතිවාදී භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියන් ස්වාමි, කොංග්‍රස් නායිකා සෝනියා සහ රාහුල්ට චෝදනා නගන්න විය. ඒ,  නැෂනල් හැරල්ඩ් සමාගම, යංග් ඉන්දියන් පෞද්ගලික සමාගම විසින් පවරා ගනු ලැබීම සම්බන්ධයෙන් සිදුවුණු මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙනි.

ආදායම් බදු පනත යටතේ, කිසිම දේශපාලන සංවිධානයකට තුන්වැනි පාර්ශ්වයක් සමඟ මූල්‍ය ගනුදෙනු කළ නොහැකි බව ද චෝදනා නගමින් භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියන් ස්වාමි චෝදනා කර තිබුණි. විමර්ශන පැවැත්වීම සිදුවන්නේ එම චෝදනා සම්බන්ධයෙනි. සුබ්‍රමනියන් ස්වාමි පෙන්වා දී ඇති අන්දමට ‘නැෂනල් හැරල්’ සමාගම පවරා ගැනීම සිදු කර ඇත්තේ සෝනියා සහ රාහුල් ගාන්ධි ලාබ ලැබීමේ අරමුණින් බවය.

‘යංග් ඉන්දියන්’ පුද්ගලික සමාගම 2010 වසරේ සංස්ථාගත කරන අවස්ථවේ සමාගමේ ප්‍රාග්ධනය ඉන්දීය ලක්ෂ 50 ක් බව පැවැසෙයි. සංස්ථාගත කිරීමෙන් අනතුරුව යන්ග් ඉන්දියන් පුද්ගලික සමාගම සීමාසහිත ඇසෝසියේට් ජර්නල්ස් සමාගමේ කොටස් බහුතරය  අත්පත් කරගෙන ඇත. නැෂනල් හෙරල්ඩ් පුවත් පත පවත්වා ගෙන යාම සඳහා වරින් වර සීමාසහිත ඇසෝසියේට් ජර්නල්ස් සමාගමට ඉන්දීය රුපියල් කෝටි 90.25 ක මුදලක් ඉන්දීය කොංග්‍රස් පක්ෂය විසින් ලබා දී තිබුණි.

සීමාසහිත ඇසෝසියේට් ජර්නල්ස් සමාගම කොංග්‍රස් පක්ෂයට ගෙවිය යුතු  ඉන්දීය රුපියල් කෝටි 90.25 ණය මුදල අනෙක් සෑම සමාගමක් කරන්නා සේ, ණය සමාගම් කොටස් බවට පරිවර්තනය කරමින් යන්ග් ඉන්දියන් පුද්ගලික සමාගමට පවරා ඇත. යංග් ඉන්දියන් සමාගම සතු කොටස් වලින් වාර්ෂිකව රුපියල් කෝටි 154 ක අදායමක් ලබන බව පැවසෙයි.

‘යංග් ඉන්දියන්’ පුද්ගලික සමාගම 2010 වසරේ සමාගමක් ලෙස ලියාපදිංචි කරන අවස්ථාවේ ඉන්දීය සමාගම් පනතේ 25 වෙනි වගන්තියේ විශේෂ විධිවිධාන යටතේ කොන්දේසි දෙකකට යටත්ව ලියාපදිංචි කර ඇත. ඉන් එක් කොන්දේසියක් වන්නේ යංග් ඉන්දියන් පුද්ගලික සමාගම ලාභ නොලබන සමාගමක් විය යුතුය යන්නය. අනෙක් කොන්දේසිය නම් එහි කොටස් හිමියන්ට හෝ අධ්‍යක්ෂවරුන්ට ලාභාංශ ලබා දිය නොහැකි බව පැවැසෙයි.

75 හැවිරිදි සෝනියා ගාන්ධි, කොංග්‍රස් පක්ෂ අන්තර්වාර නායිකාව ලෙස කටයුතු කටයුතු කරන අතර, 51 හැවිරිදි රාහුල් ගාන්ධි පක්ෂයේ මහ ලේකම් ධුරය හොබවන්නේ තාවකාලිකවය. ඒ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මහ ලේකම් ධුරය සඳහා සුදුස්සකු පත් කර ගන්නා තුරුය. සෝනියා මෙන්ම රාහුල් ද ඔවුන්ගේ තනතුරුවලින් මෙසේ ඉවත් වීමට සූදානමින් සිටින්නේ, පසුගිය කාලයේ සිදුවුණු මැතිවරණ පරාජයන් සැලකිල්ලට ගනිමිනි.

(රොයිටර්)



අදහස් (0)

රාහුල් ගාන්ධිගෙන් පැය 10 ක් ප්‍රශ්න කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1490 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1650 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site