
පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන්ට වඩා අගමැති බිරියන් පොහොසත් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන මාධ්‍ය මෙසේ වාර්තා කර ඇත්තේ 2020 ජූනි 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තාන මැතිවරණ කොමිසම වෙත ගොනු කෙරුණු වත්කම් ප්‍රකාශ උපුටා දක්වමිණි.
හිටපු අගමැති ඉම්රාන් ඛාන් තෙවරක් විවාහ වූ අයෙකි. ඔහුගේ වත්මන් බිරිඳ බුෂ්රා බීබි වන අතර ඇයගේ වත්කම් පාකිස්තානන රුපියල් මිලියන 142.11 කි.
පාකිස්තානයේ ‘ඩ්වෝන්’ පුවත්පතට අනුව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇත්තේ මිල අධික එළුවන් සිවු දෙනකු සහ ඉඩම් 6 ක් පමණි. ඔහුගේ බැංකු ගිණුම් සියල්ලේම ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය පාකිස්තාන රුපියල් මිලියන 60 ක් පමණි.
වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වන ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්කම් ප්‍රමාණය පාකිස්තාන රුපියල් මිලියන 104 කි. ඔහුගේ පළමු බිරිඳ වන නුෂ්රාත් ෂෙහ්බාස්ගේ වත්කම් ප්‍රමාණය පාකිස්තාන රුපියල් මිලියන 230 කි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd