මහා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලූ පුද්ගලයන් පිරිසක් රුවන්ඩාවට ගෙන යෑමට බ්‍රිතාන්‍ය රජය සැලැසුම් කර තිබුණ ද අවසන් මොහොතේ එම තීරණය වෙනස් කෙරුණි.
තීරණය වෙනස් කෙරුණේ ‘මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය’ ඊට මැදිහත් වුණු බැවින් යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
“සියලුම සංක්‍රමණිකයින් ගුවන්යානයෙන් ඉවත් කළා. රුවන්ඩාවට බලා එම ගුවන්ගමන සිදුවන්නේ නැහැ” යැයි බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එක්සත් රාජධානිය පසුගිය අප්‍රේල් මාසයේදී රුවන්ඩා රජය සමග එළඹුණු එකඟතාවයකට අනුව බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය අපේක්ෂාකරන සංක්‍රමණිකයින්ව රුවන්ඩාවේ පදිංචි කිරීමට තීරණය කළේය.
එසේ රුවන්ඩාවේ පදිංචිකෙරෙන පුද්ගලයින්ට, සරණාගතභාවය ලැබුණහොත් එරටම ස්ථීර පදිංචිය ලබා දීම ද සිදුවනු ඇත. බ්‍රිතාන්‍ය රජය මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කළේ මිනිස් ජාවාරම මැඩලීම සඳහාය.
දිවි පරදුවට තබා අප්‍රිකාවේ සිට යුරෝපට පැමිණ ඉන්පසු ප්‍රංශයේ සිට එංගලන්තයට මුහුදු මාර්ගයෙන් සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ යැයි පැවැසිණි.
මෙම වැඩසටහනට විවිධ මානව හිමිකම් කණ්ඩායම් විරෝධය දක්වා ඇති නමුත් වැඩසටහන වෙනස් කිරීමට අදහස් නොකරන බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති. ඔටුන්න හිමි චාල්ස් කුමරුන් ද මෙම වැඩසටහනට විරෝධය දැක්වූ තැනැත්තෙකි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුවන්ඩාවට සංක්‍රමණිකයන් ගෙනයෑම අවලංගු කෙරේ