හොංකොං නව නායක ජෝන් ලී සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි. ඒ, හොංකොං නව නායකයා චීනයේ බෙයිජීං අගනුවර බලා ගිය අවස්ථාවේදීය.

චීනයට අයත් වූ හොංකොං, අතීතයේ බි්‍රතාන්‍ය කොලනියක් විය. දැන් එය යළි චීනය සතු වන අතර, හොංකොං පාලක මණ්ඩලය චීන හිතවාදීන්ගෙන් සමන්විතය.

ජෝන් ලී, හොංකොං පොලිස් නිලධාරියකු මෙන්ම හොංකොං ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ. ජෝන් ලී දැඩි චීන හිතවාදියකු යැයි ද පැවැසෙයි. චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අවස්ථාවේදී, චීනයේ සහාය ඔහුට ලබා දීමට චීන ජනාධිපති ජින්පින් පොරොන්දු විය.

(ඒ.එෆ්.පී.)