IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුටින්ට ජීවත් වෙන්න තියෙන්නේ වසර 3 යි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය පවසයි.

‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළි කර ඇත්තේ, බොරිස් කාර්පිචෝව් නමැති රුසියන් බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකි.

ජනාධිපති පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමන් දන්නා බව බොරිස් කාර්පිචෝව් ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට පවසා තිබේ. බොරිස් කාර්පිචෝව් ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය.

බොරිස් කාර්පිචෝව් පවසා ඇති ආකාරයට පුටින්ගේ ඇස් පෙනීම ද මේ වනවිට බොහෝ දුර්වල තත්ත්වයක පවතී. ඔහුගේ සිහි කල්පනාව ද දුර්වල වී ඇත. ඔහු දරුණු හිසරදයකින් පෙළෙන බව ද බොරිස් කාර්පිචෝව් පැහැදිලි කර තිබේ.

පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් මීට පෙර ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ ඇතුළු බටහිර මාධ්‍ය රැසක් ලොවට අනාවරණය කර තිබුණි. පුටින් රෝගියකු බව පෙන්වමින් ඡායාරූ පවා පළ කෙරුණි.

දරුණු පිළිකා රෝගියකු යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත්, පුටින්ට කිසිදු රෝගයක් නොමැති බවත්, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අවධාරණය කර තිබේ.

ජනාධිපති පුටින් රුසියාවට නායකත්වයක් දෙන්නේ, දශක දෙකක් තිස්සේය. පසුගිය ඔක්තෝබර් මාසයට, පුටින්ගේ 70 වැනි ඡන්ම දිනය යෙදී තිබුණි. එදා සිට සෑම දිනකම පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් නැති බවත් විදේශ අමාත්‍ය ලැව්රෝව් පවසා තිබේ.

රුසියන් ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ජීවිතය ගැන හෝ ඔහුගේ සෞඛ්‍ය ගැන හෝ දන්නේ පුටින් සහ ඔහුගේ සමීපතමයන් එක්කෙනකු හෝ දෙන්නකු පමණි. ජනාධිපති පුටින්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිවකු කතා කරන්නේ ද නැත. විදේශ ඇමැති ලෙස කටයුතු කරන සර්ගේලැව්රෝව් පුටින් හිතවාදියකු වුවත්, සමීපතමයකු නොවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (12)

පුටින්ට ජීවත් වෙන්න තියෙන්නේ වසර 3 යි

චිරන්ත Wednesday, 01 June 2022 11:07 AM

මිනිස් සමාජයට පමණක් නොවෙයි, ලෝක සත්වයාට හිංසාපීඩා කරන සියලුම දෙනාටම විඳවා මැරෙන අසනීප හැදෙන්න පුළුවන් බල පුළුවන්කමට මොනවා කළත් ස්වභාවධර්මයා නිසි දඬුවමක් දෙනවා..!

:       23       28

BamunuarachchiWednesday, 01 June 2022 12:34 PM

අනුන්ගේ රටවල් මංකොල්ල කාපු ඇමරිකානුවන් තවම යහතින් ඉන්නේ... දරුණු ලෙඩ සෑදීම ස්වභාවයෙන්ම සිදුවෙනවා. නැතුව කරන ලද පව්වලට නොවෙයි. පුටින් අනික් රටවල් කොල්ල කන්න ගියේ නැහැ...

:       18       40

SirisenaWednesday, 01 June 2022 01:05 PM

ලෙඩක් හැදෙනවනම් ඉස්සරවෙලාම හැදෙන්නෙ අපේ කටින් පිටින්ට

:       5       12

fairoosWednesday, 01 June 2022 01:48 PM

ලංකාවේ පුටින්ටත් තවත් අවුරුදු 2ක් පමණයි... දැන්නම් හොඳටම අසනීපයි.

:       7       6

දකුමාවිWednesday, 01 June 2022 03:47 PM

දැන් ඔය යුක්‍රේනයට එතකොට "ලං වෙන්නෙ" ආදරේට වෙන්න ඇති නේද? ක්‍රිමියාවට නම් කල් ඇතුවම ආදරේ කළානෙ!

:       7       8

Lakshitha Wednesday, 01 June 2022 02:24 PM

එහෙම ලෙඩක් පුටින්ට තියනවා නම් ඒක බොහෝවිට ඇමරිකානු කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්... ඇමෙරිකානු බුද්ධි අංශ ඇතුළු හමුදාවන්ට අයත් කණ්ඩායම් ඔවුන්ට පාලනය කළ නොහැකි වෙනත් රටවල පාලකයින්ව මර්ධනය කරන කෲර ක්‍රමයක් තමයි පිළිකා ඇතුලු භයානක රෝග එම රටවල නායකයින්ට වැළඳීමට ක්‍රියා කිරීම. අතීතයේ සිට මේ දක්වා එවැනි කුමන්ත්‍රණ බොහෝ ප්‍රමාණයක් සිදු වුණා. මෑත කාලීනව ගත්තාම වෙනිසියුලාවේ හියුගෝ චාවේස් එවැනි කුමන්ත්‍රණයක් නිසා නැති වුණු නායකයෙක්..

:       5       13

මෝ Wednesday, 01 June 2022 03:20 PM

අපේ එකාලාට හෙනවත් නෑ.

:       3       5

දකුමාවි Wednesday, 01 June 2022 03:44 PM

පුටින්ට පිලිකාවක්ද? හ්ම්ම්ම්.., රුසියාවෙ නම් දිට්ඨ ධම්ම වේදනීය කර්මය වැඩ කරනව වගෙයි..! පොලෝනියම් - 210 දාපු තේ බොන්න දීල, ඒ නිසා අපමණ වද විඳල ලන්ඩනයෙදි මැරෙව්ව අලෙක්සන්දර් ලිට්විනෙන්කෝ, යන්තම් මරණයෙන් බේරුන යූලියා සහ සර්ගෙයි ස්කිර්පාල් (දියනිය සහ පියා) ගැන හිතන විට, අපේ කියමනක් මතක් වෙනව. "කල කම් පලදේ!" තමන්ගෙ දේශපාලන විරුද්ධවාදීන් තව කී දෙනෙක් ඔය විදිහට සාපරාධී ලෙස එලොව යවන්න ඇද්ද, ඔය අධම මිනිහා! ඔහොම වෙලා මදි!

:       9       6

දකුමාවි Wednesday, 01 June 2022 03:53 PM

හියුගෝ චාවේස් ගෙ හොඳ කම වෙනිසියුලාවෙ සමහරු නම් පිලි ගන්නෙ නෑ. ඔය එයා හදා වඩා ගත්තේ ගෝලය මදුරෝ අද අපේ රටේ තත්වයටත් වඩා පහලට ඇදලා දැම්මෙ වෙනිසියුලාව. ඕන අත්තනෝමතික කාලකන්නියෙක්ට ලෙඩක් හැදුනත් ඒක ඇමරිකාවට ම පටවන එක හරි ලේසියි. පුටින් වගෙ කේජීබී එකේ මුල් ඇදිච්චි එකෙකුට ඇමරිකාවෙ හරි වෙන කොහෙ හරි ඔත්තු කාරයො ඇවිත් පිලිකා හදල දීල යන කල් උඩ බලා ගෙන ඉඳීවිද! එන්න මේ තේ කෝප්පෙ ඉන්න දාර කිඹුලො රැල බලන්න!

:       6       6

රිතික් Wednesday, 01 June 2022 05:27 PM

පුටින්ට දරුණු මොලේ අමාරුවක් තියෙන බව අපි නම් දැනගත්තේ යුක්‍රේනයට ගහන්න පටන් ගත්තු දවසෙමයි.

:       8       4

BamunuarachchiThursday, 02 June 2022 08:57 AM

නේ ඔහේගේ දැනුම? අන්තට්ටුවක් දෙන්න වටිනවා එතකොට කියුබාවට රුසියන් මිසයිල දෙනකොට ඇමරිකාව කියුබාවට ගහන්න ලැහැස්ති උනේ මොකද ? ඒ කාලේ ගැන දන්නවාද? ඒ කාලේ හිටියේ පුටින් නොවයි නිකීතා කෘෂෙව්.

:       2       2

Ranjith Ranathunga Friday, 03 June 2022 10:19 AM

පුටින් කියන්නේ අමෙරිකානු අදිරාජ්‍යවාදයට විරුද්ධව සුරාකැමට විරුද්ධ නිර්බිත පාලකයෙකි නීරෝගී වේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 542 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site