
ඉන්දීය රජයේ නියෝජිතයන් පිරිසක් සහ ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කාබුල් අගනුවරදී පැවැත්වෙයි.
ඉන්දීය නියෝජිතයන් මෙසේ තලේබාන් නියෝජිතයන් හමුවෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසුවය. ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා රජයක් පිහිටුවූයේ පසුගිය අගෝස්තු මාසයේය.
ඇෆ්ගන් වැසියන්ට අවශ්‍ය මානුෂීය ආධාර ලබා දීමට ඉන්දීය රජය උනන්දු වන අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ඉන්දීය නියෝජිතයන්ගේ අරමුණ බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd