
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින කිරුළ දරා වසර 70 ක් සපිරීමේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් එංගලන්තයේත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලත් පැවැත්විණි.
එංගලන්තයේ සැමරුම් උත්සව, එලිසබත් මහ රැජිනගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් පැවති හමුදා උත්තමාචාර මැද ආරම්භ විය. සැමියා පිලිප් කුමරුන්ගේ අභවයෙන් පසු, මහ රැජින සැමරුම් උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය විය. එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය දෙවැනිදා සිට සිවු දිනක් එංගලන්තය පුරා උත්සව පැවැත්වෙයි.
96 හැවිරිදි එලිසබත් මහ රැජිනට ලොව නන්දෙසින් සුබ පැතුම් ලැබී තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මහ රැජිනට සුබ පැතීම විශේෂත්වයකි. උතුරු කොරියානු නායකයා රැජිනට සුබ පතා ඇත්තේ ලිපියක් මගිනි.
මහ රැජිනට සුබ පැතුම් එක් කළ සෙසු රාජ්‍ය නායකයන් අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ද සිටිති.
මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුව වෙනුවෙන්, රජ පවුලෙන් වෙන් වී ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ද යළි බ්‍රිතාන්‍යයට පැමිණ සිටිති. ඒ දරු දෙදෙනා ද සමඟය. හැරී සහ මෙගාන් බ්‍රිතාන්‍යයට පැමිණ රැජිනගේ ප්ලැටිනම් ජුබිලියට සහභාගී වන්නේ රැජිනගේ විශේෂ ඇරැයුමකට අනුවය. හැරී සහ මෙගාන්ගේ දියණිය ලිලිබට් පළමු වරට හමුවීමට ද මහ රැජිනට අවස්ථාවක් උදා වූ බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
535
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සැමරේ