
ලෝක ප්‍රසිද්ධ, ‘බී.ටී.එස්.’ කොරියානු සංගීත කණ්ඩායම ධවල මන්දිරයට පැමිණියේය. ‘බී.ටී.එස්.’ යනු ලොව තරුණ තරුණියන්ගේ විශේෂයෙන් තරුණියන්ගේ ආදරයට පාත්‍ර වුණු තරුණ හුරුපුහුටි කඩවසම් ගායකයන් කණ්ඩායමකි.
‘බී.ටී.එස්.’ කණ්ඩායම ධවල මන්දිරයට පැමිණියේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී, ඇමෙරිකාවේ ආසියාතික ඇමරිකානුවන් ඉලක්ක කර ගනිමින් සිදුවන ‘වෛරී අපරාධ’ වැඩිවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට ප්‍රථම ධවල මන්දිරයේදී ‘බී.ටී.එස්‘ සංගීත කණ්ඩායම මාධ්‍ය හමුවකට සහභාගී විය. මැයි 31 වැනිදාට යෙදුණු ආසියාතික ඇමරිකානු සහ පැසිෆික් දූපත් වාසීන්ගේ උරුමය පිළිබඳ මාසයේ අවසාන දිනය සැමරීම වෙනුවෙන් ‘බී.ටී.එස්‘ කණ්ඩායම ධවල මන්දිරයට පැමිණි බව ද පැවැසිණි.
‘ඔබ දන්නවා බී.ටී.එස්. යනු ග්‍රැමී සම්මාන වෙනුවෙන් නිර්දේශිත ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්. මිනිසුන්ගේ සිත්වල ධනාත්මක චින්තනය ඇති කිරීමටත් මිනිසුන් එකිනෙකාට ගරුකරන සමාජයක් ඇති කිරීමටත් මිනිසුන් වෙත එම පණිවිඩය රැගෙන යමින් තරුණ තානාපතිවරුන් විදිහට මහඟු සේවාවක් ඔවුන් සිදුකරනවා’ යැයි මාධ්‍ය හමුව ආරම්භ කළ අවස්ථාවේදී, බී.ටී.එස් කණ්ඩායම ධවල මන්දිරයට පිළිගෙන මාධ්‍ය හමුවේ ඔවුන් හඳුන්වා දෙමින් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරීන් ජීන් පියෙර් පැවැසුවාය.
‘අද අප අවේ ආසියාතික ඇමරිකානු සහ පැසිෆික් දූපත් ප්‍රජාව සමග ඔවුන්ගේ මාසයේ අවසන් දවස සමරන්න.මෑත කාලයේ ආසියාතික ඇමෙරිකානුවන්ට සිදුවන වෛරී අපරාධ ඇතුළුව ඇමෙරිකාවේ වෛරී අපරාධ වැඩිවීමක් දක්නට ලැබෙනවා අපි මේක නවත්වන්න ඕනේ ඒකට සහාය දෙන්න අපගේ මේ ගමනේ අරමුණ’ යැයි බී.ටී.එස්. සංගීත කණ්ඩායම මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ධවල මන්දිරයට ඔවුන් පැමිණීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බී.ටී.එස්. ධවල මන්දිරයේ
pakeer Wednesday, 01 June 2022 02:44 PM
වැඩේ කියන්නේ මේ ඔක්කොම එකවගේ මුහුණු තියෙන්නේ..!
A G Imallka sanjeewani Saturday, 04 June 2022 02:14 PM
බී.ටී. එස්ලාගේ සිතුවිලි සහ ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඉතාමත් හොඳයි..