බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 16 දෙනෙක් මියගියහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩිය.
පිපිරීම සිදුවූයේ බංග්ලාදේශයේ ගිණිකොණ දෙසින් පිහිටි සීතාකුණ්ඩා නගරයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයකය. පළමුවෙන් ගබඩා සංකීර්ණයේ ගින්නක් හටගත් බව පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් කීපයක් කැඳවන ලදී.
ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙද්දී ප්‍රබල පිපිරීම සිදුවිය. පිපිරීම සිදුවන්න ඇත්තේ කන්ටේනර් පෙට්ටිවල අසුරා තිබූ රසායනික ද්‍රව්‍ය නිසා යැයි පැවැසෙයි. ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැත. ඒ, සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.
මියගිය සහ තුවාල ලැබූවන් අතරේ ගිනි නිවන භටයන් කීප දෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් විසි දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
ඇතැමුන්ගේ සිරුරු සියයට 60 කට වඩාත්, තවත් සමහරුන්ගේ සිරුරු සියයට 90 කට වඩාත් පිළිස්සී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පවසා ඇත.
සීතාකුණ්ඩා නගරය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන චිතගොංග් නගරයට කිලෝ මීටර් 40 ක් දුරිනි. බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සියලු දෙනා චිතගොංග් නගරයේ රෝහල් වෙත රැගෙන ගිය බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
ගබඩා සංකීර්ණයේ පිපිරීම අති ප්‍රබල එකක් වූ අතර කිලෝ මීටර් 4 ක් දුරට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද එයින් හානි සිදුවුණු බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි.
(රොයිටර්)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බංග්ලාදේශයේ පිපිරීමක් 16 ක් මරුට