උතුරු කොරියානුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කළ බව එරට නායක කිම් ජොන් උන් පවසයි.
නායක කිම් ජොන් උන් එන්නත් වැඩසටහන ආරම්භ කළේ එය ඔහුගෙන් රට වැසියන්ට හිමිවන ‘වටිනා තෑග්ගක්’ බව ද ප්‍රකාශ කරමිනි. නායක කිම් ජොන් උන්, එරට වැසියන් වෙනුවෙන් එන්නත් වැඩසටහන ආරම්භ කළේ එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රටවැසියන් දැනුවත් කරමින් යැයි ද පැවැසෙයි.
එසේ වුවත් පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවනු ඇත්තේ හමුදා නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන්ටය. උතුරු කොරියාවට එන්නත් ලැබී ඇත්තේ චීනයෙනි.
මේ වනවිට ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවන් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පැනැවූ සීමා ඉවත් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කර තිබේ. ඒ, සෞඛ්‍ය අංශ උපදෙස් අනුවය.
උතුරු කොරියානු රජය මෙසේ තීරණය කළේ යොංග්යැංග් අගනුවර පමණක් නොව රට පුරා ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බැවිනි. කෙසේ නමුත් පැනැවූ සීමා ඉවත් කිරීම සිදුවී ඇත්තේ අගනුවර ආශ්‍රිතව පමණි.
ගතවුණු දින කීහිපය ඇතුළත උතුරු කොරියාවෙන් වාර්තා වනු ‘කොවිඩ් 19’ ආසදිතයන් ගණන 100,710 කි. ඉකුත් සතියේ වාර්තා වූ ආසාදිතයන් ගණන 390,000 ඉක්මවීය. වයිරස ව්‍යාප්තියේ පාලනයක් සිදුවෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසන්නේ මේ නිසාය.
චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව ඔවුන්ගේ දේශසීමා වසා දැමීය. උතුරු කොරියාව චීනයට, දකුණු කොරියාවට සහ රුසියාවට මායිම් වෙයි.
න්‍යෂ්ටික අවි වැඩසටහන හේතුවෙන් බටහිර සම්බාධක මැද හුදෙකලා වූ උතුරු කොරියාව, දේශසීමා වසා දැමීමත් සමදේශසීමා වසා දැමීමත් සමඟ තවත් ලොවෙන් හුදෙකලා විය.
කෙසේ නමුත් පසුගිය අප්‍රේල් මාසය වනතුරු උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත. අප්‍රේල් මාසයේ උතුරු කොරියාව පුරා උණ රෝගයක් ව්‍යාප්ත විය. එම උණ රෝගය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ බව පසුව තහවුරු විය.
(ඒ.එෆ්.පී.)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
‘කොවිඩ්’ එන්නත් තෑගි