
යුදමය තත්ත්වයක් පැවැතියත්, යුක්රේනයේ තිරිගු අපනයන කටයුතුවලට රුසියාවෙන් කිසිදු බාධාවක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
රුසියානු ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ලෝක ආහාර අර්බුදයක් නිර්මානය වේවි යැයි බියක් හටගෙන ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඒ සම්බන්ධයෙන් ජනාධිපති පුටින් සමග සාකච්ඡා පවත්වා ඇත.
යුක්රේනයේ තිරිගු අපනයන කටයුතුවලට රුසියාවෙන් කිසිදු බාධාවක් නැති බවත්, යුක්රේනයේ තවමත් යයුක්රේන පාලනයේ පවතින වරාය හරහාත්, යුරෝපා කලාපය හරහාත්, රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති වරාය හරහා පවා තිරිගු අපනයනය සිදු කළ හැකි බව පුටින් පැහැදිලි කර තිබේ.
යුක්රේය සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන හමුදාමය ක්‍රියා මාර්ගය අවුල් ජාලයක් බවට පත් කර ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් බවත්, එම අර්බුදය මුල්කොට ගනිමින් කිසිදු අවස්ථාවක ලෝක ආහාර අර්බුදයක් ඇතිකිරීමට ඉඩ නොතබන බවත් ජනාධිපති පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
535
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිරිගු අපනයනයට අවසර