ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසින්ඩා අර්ඩර්න් ඊයේ (31) ධවල මන්දිරයට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවූවාය.
තමන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවන්නේ, ඇමෙරිකාවත් නවසීලන්තයත් අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට යැයි හමුවට පෙර, නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
මීට පෙර, අර්ඩර්න්ස් සහ ඇමෙරිකන් ජකාධිපති ජෝ බයිඩන් අතර දුරකතන කතාබහ පමණක් නොව, ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ද වීඩියෝ කතාබහ පැවැති නමුත්, දෙදෙනා මුහුණට මුහුණ හමුවීම ඉතා වැදගත් සිදුවීමක් බව නවසීලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාව යෝජනා කළ නව ඉන්දු පැසිෆික් කලාපීය වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් මෙන්ම, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද අගමැතිනී ජැසෙන්ඩා සහ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නවසීලන්ත අගමැතිනිය ඇමෙරිකන් ජනපති හමුවෙයි