
ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසින්ඩා අර්ඩර්න් ඊයේ (31) ධවල මන්දිරයට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවූවාය.
තමන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවන්නේ, ඇමෙරිකාවත් නවසීලන්තයත් අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට යැයි හමුවට පෙර, නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
මීට පෙර, අර්ඩර්න්ස් සහ ඇමෙරිකන් ජකාධිපති ජෝ බයිඩන් අතර දුරකතන කතාබහ පමණක් නොව, ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ද වීඩියෝ කතාබහ පැවැති නමුත්, දෙදෙනා මුහුණට මුහුණ හමුවීම ඉතා වැදගත් සිදුවීමක් බව නවසීලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාව යෝජනා කළ නව ඉන්දු පැසිෆික් කලාපීය වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් මෙන්ම, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද අගමැතිනී ජැසෙන්ඩා සහ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd