යුක්රේන සංචාරයකට යෑමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සූදනම් වෙයි.
මේ වනවිටත් යුක්රේනයට යෑම සම්බන්ධයෙන් පාප්තුමන් සහ රෝමයේ සිටින යුක්රේන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේදීම පාප්තුමන් යුක්රේන මෙන්ම රුසියන් බලධාරීන් ද හමුවී සාකච්ඡා කළේ සාමකාමීව අර්බුදය විසඳා ගන්නා ලෙසය.
පාප්තුමන් යුක්රේනය බලපා යෑමට සූදානම් වන්නේ සචාර් නමැති යුක්රේන පිරිමි දරුවකු පාප්තුමන්ට ලිපියක් ඒවා ඇති බැවින් යැයි වතිකානය පැහැදිලි කර තිබේ.
'යුද්ධය නිසා අප පීඩාවට පත් වී සිටිනවා. ඔබතුමන්ට බැරිද යුක්රේනයට පැමිණෙන්න. මං වගේ අසරණ වුණු පොඩ්ඩන් බොහෝ දෙනකු සිටිනවා. ඔවුන්ට පිහිට වන්න එන්න' යැයි සචාර් පාප්තුමන්ට එවූ එම ලිපියෙහි සඳහන් වන බව වතිකානය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd