ඇමෙරිකාවේ පාසලකට කඳුකර සිංහයකු (පූමා) කඩා වැදීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කඳුකර සිංහයා කඩා වැදි ඇත්තේ කැලිෆෝනියාවේ පෙස්කැදෝරෝ පාසලේ පංති කාමරයකටය.
කඳුකර සිංහයා පාසලට ඇතුළු වීමත් සමග පාසල වසා දැමීම සහ සිසුන්, ගුරුවරුන් එයින් ආරක්ෂිතව පිටතට ගැනීම කඩිනමින් සිදුවුණු බව ද පැවැසෙයි. කාටවත් අනතුරක් සිදු වූයේ නැත.
වන ජීවී නිලධාරීන් පැමිණෙද්දී කඳුකර සිංහයා පංති කාමරයේ ගුරුතුමියගේ මේසය යට බියෙන් සැගවී සිටි බව ද පැවැසෙයි. සත්වයා නිරුපද්‍රිතව අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන්ට හැකි වූයේ ඉන්පසුවය.
කඳුකර සිංහයා මාස 6 ත් 8 ත් වයසැති පිරිමි සතකු බව පැවැසෙයි. ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කළේ පාසලේදී අල්ලා ගත් කඳුකර සිංහයා තමන් වෙත ලැබුණු බවය.
(එන්.ඩී.ටීවී.)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පංති කාමරේට කඳුකර සිංහයෙක් ඇවිත්