
ඇමෙරිකාවේ පාසලකට කඳුකර සිංහයකු (පූමා) කඩා වැදීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කඳුකර සිංහයා කඩා වැදි ඇත්තේ කැලිෆෝනියාවේ පෙස්කැදෝරෝ පාසලේ පංති කාමරයකටය.
කඳුකර සිංහයා පාසලට ඇතුළු වීමත් සමග පාසල වසා දැමීම සහ සිසුන්, ගුරුවරුන් එයින් ආරක්ෂිතව පිටතට ගැනීම කඩිනමින් සිදුවුණු බව ද පැවැසෙයි. කාටවත් අනතුරක් සිදු වූයේ නැත.
වන ජීවී නිලධාරීන් පැමිණෙද්දී කඳුකර සිංහයා පංති කාමරයේ ගුරුතුමියගේ මේසය යට බියෙන් සැගවී සිටි බව ද පැවැසෙයි. සත්වයා නිරුපද්‍රිතව අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන්ට හැකි වූයේ ඉන්පසුවය.
කඳුකර සිංහයා මාස 6 ත් 8 ත් වයසැති පිරිමි සතකු බව පැවැසෙයි. ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කළේ පාසලේදී අල්ලා ගත් කඳුකර සිංහයා තමන් වෙත ලැබුණු බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd