
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කළ හැක්කේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා පමණක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
තවමත් රුසියන් හමුදාවට යුක්රේනය මුළුමනින්ම අල්ලා ගැනීමට හැකි වී නැත. ඒ, ජනාධිපති සෙලෙන්ස්කී එරට හමුදාව සහ සිවිල් වැසියන් එක් කර ගනිමින් රුසියන් ආක්‍රමණයට මුහුණ දෙන බැවිනි.
යුක්රේන හමුදා රුසියන් හමුදා ප්‍රහාර සාර්ථකව මැඩලීමට සමත් වී සිටින නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කළ හැකි වන්නේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd