
වඳුරු උණ වයිරසය, ඊශ්‍රායලයට මෙන්ම ස්විට්සර්ලන්තයට ද ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මේ වනවිට ලෝකයේ රටවල් 14 කින් වයිරස ආසාදිතයන් වාර්තා වේ.
ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ වඳුරු උණ ආසාදිතයා පසුගිය දිනවල යුරෝපා රටවල සංචාරය කර ආපසු ආ තරුණයකු බවය.
එම තරුණයා ටෙල් අවීව් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් ආසාදිතයන් යැයි සැක කරන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
වඳුරු උණ යනු වඳුරන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී මිනිසුන් අතරේ ව්‍යාප්ත වන වයිරස රෝගයකි. වසූරිය සහ පැපොල ආදී රෝගවලට සමානය.
මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල් අතරේ සාමාන්‍යයෙන් ව්‍යාප්ත වන වඳුරු උණ බටහිර රටවල් ද ඇතුළු රටවල් 14 කින් වාර්තා වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd