ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේය. නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණය.
ඊට අමතරව, ගෝලීය වශයෙන් බලපෑමක් ඇති කළ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වනු ඇති බව පැවැසෙයි. දකුණු කොරියාව, ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයක් වන අතර, ඇමෙරිකන් හමුදා කඳවුරු පවා දකුණු කොරියාවේ පිහිටුවා ඇත.
දකුණු කොරියානු සංචාරයෙන් අනතුරුව බයිඩන්, ජපානයට යෑමට නියමිතය. ඒ අතරතුරේ, සාමාජික රටවල් වන ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, ජපානය සහ ඇමෙරිකාව සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘සිවුදෙනාගේ කණ්ඩායම’ හෙවත් ‘ක්වඩ්’ කණ්ඩායමේ සමුළුවට ද බයිඩන් සහභාගී වනු ඇති බව ධවල මන්දිර නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බයිඩන් දකුණු කොරියාවට