
රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමත් සමඟ වසා දැමුණු යුක්රේනයේ කීව් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය යළිත් විවෘත කිරීමට ඇමෙරිකන් රජය පියවර ගෙන ඇත.
කීව් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය මෙසේ විවෘත කෙරුණේ මාස 3 කට පසුවය. රුසියාව යුක්රේනයට ආක්‍රමඛය කිරීමට හමුදාව මෙහෙයවීම කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය පළ කිරීමත්, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වීමත් හේතුවෙනි.
රුසියන් ආක්‍රමාණයත් සමඟ කීව් අගනුවර තානාපති කාර්යාලයෙන් ඉවත් කළ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කීව් අගනුවර බලා පැමිණ සිටින බව ද පැවැසෙයි. කීව් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කළ බව නිවේදනය කළේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd