IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුටින් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලයි

දෙවැනි ලෝක යුද්ධයේදී යුදෙව්වන් ලක්ෂ ගණනින් ඝාතනය කිරීමට අණ දුන් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට තිබුණේ යුදෙව් ලේ යැයි රුසියන් විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ඊශ්‍රායලයෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, විදේශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලා ඇත.

විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, ඒ ගැන සමාව ඉල්ලමින් රුසියන් ජනාධිපති පුටින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට තිබුණේ යුදෙව් ලේ යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසුවේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය සාධාරණීයකරණය කරමිණි. යුක්රේනයේ ද 'නාසිවාදය' ක්‍රියාත්මක වෙන බවත්, රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ ඒ නිසා බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අවස්ථා කීපයකදී පවසා තිබේ. යුක්රේනයේ 'නාසිවාදය' යනුවෙන් අදහස් කරන්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය ජාතිකවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ යුක්රේනයේ රුසියන් හිතවාදීන් සහ රුසියන් සම්භවයක් ඇති වැසියන්ට කෙණෙහිලිකම් කිරීමය.

යුක්රේන ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුදෙව් ජාතිකයෙකි. ඔහුට ඇත්තේ යුදෙව් ලේ ය. නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට යුදෙව් ලේ තිබුණැයි යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසුවේ සෙලෙන්ස්කී යුදෙව්වකු බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත් රුසියන් විදේශ අමාත්‍යවරවයාගේ එම ප්‍රකාශය ඊශ්‍රායලයේ පමණක් නොව ලොව බොහෝ දෙනාගේ උදහසට ලක් විය. ඒ, එහි අර්ථය හරිහැටි වටහා ගැනීමට නොහැකි වුණු බැවිනි. විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් එම අදහස් දැක්වීම කළේ ඉතාලි රූපවාහිනී නාළිකාවක් සමඟය.

ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයෙන් රුසියන් විදේශ අමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල වූයේ ඉන් අනතුරුවය. දෙවැනි ලෝක යුද්ධයේ දි හිට්ලර්ගේ නාසි හමුදා අතින් ඝාතනයට ලක් වුණු යුදෙව්වන් ගණන මිලියන 6 කට වැඩිය. විදේශ අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය මුල්කොට ගනිමින් වහා සමාව ඉල්ලීමක් කරන්නැයි  ඊශ්‍රායලය රුසියාවට බල කරන්න විය. රුසියන් ජනාධිපති පුටින් ඊශ්‍රායල ජනාධිපතිවරයාට දුරකතන ඇමැතුමක් ලබා දුන්නේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පුටින් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site